අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇදුම රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ පා ගමනක්

    මැයි 03, 2017

    ජාත්‍යන්තර ඇදුම රෝගය දිනයට (මැයි 02) සමගාමීව, ඇදුම රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැවැත්වෙන ඇදුම රෝගයට එරෙහි පාගමන මැයි මස 05 දින ගාල්ල නගරයේ දී පැවැත්වීමට නියමිත බව ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්වශන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එ. මුහුන්දන් මහතා පවසයි.

    ඊයේ (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුව අමතමින් වෛද්‍ය මුහුන්දන් මහතා මේ බව පැවසී ය.

    ඇදුම රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සතියක් පැවැත්වීමට නියමිත බවද ඇදුම රෝග පරික්ෂාව සම්බන්ධයෙන් නොමිලේ සායන පැවැත්වීමට නියමිත බවද පැවසී ය.

    ශ්‍රී ලංකාවේ මේ වනවිට මිලියන දෙකක් පමණ ඇදුම රෝගීන් සිටින බව කී වෛද්‍ය මුහුන්දන් මහතා, කුඩා දරුවන්ට විශේෂයෙන් බලපාන රෝගක් බවද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya