මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කම්කරුවන් 1,660ක් සේවයේ ස්ථිර කිරීමට පියවර

    මැයි 02, 2017

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ කම්කරුවන් ලෙස සේවය කල 1,660කුගේ සේවය ස්ථිර කිරීමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ.

    එම සේවකයන් අතරින් බොහෝ දෙනෙක් පසුගිය රජය සමයේ පිහිටුවාගෙන තිබු මිනිස් ශ්‍රම තැරව්කාර ආයතනයක් (මෑන් පවර්) හරහා සේවයට සම්බන්ධ වූවන්ය . අදාළ සේවකයන් වෙත  ගෙවන ලද කම්කරු වැටුපෙන් එක් අයෙකුගෙන් රු.500ක පමණ මුදලක් මෙම තැරව්කාර ආයතනය විසින්  අසාධාරණ ලෙස ලබා ගනිමින් කම්කරුවන්ගේ ශ්‍රමය සුරා කෑමට ලක්වූ බවට ලැබුණු පැමිණිලි අනුව අමාත්‍යවරයාගේ සෘජු උපදෙස් මත එම සමාගම සමඟ පැවති සියලුම ගනුදෙනු නතර කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගන්නා ලදී.

    එමෙන්ම එම සමාගම යටතේ සේවය කල කම්කරුවන් අතරින් අපේක්ෂිත සුදුසුකම් සහිත පිරිස් යලි  සේවයට බඳවා ගැනීමට පියවර ගත් අතර  ඔවුන් ස්ථිර සේවයට බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු වහා සම්පාදනය කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. ඒ අනුව ඔවුන් මැයි මස සිට ස්ථිර සේවකයින් ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවයේ පිහිටුවීමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya