අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතින්ගේ නියෝජිතයින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවේ

    අප්‍රේල් 30, 2017

    එක්සත් ජාතින්ගේ නියෝජිතයින් දෙදෙනෙකු පසුගිය දා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සිය කාර්යාලයේ දී හමුවී නව පත්වීම සඳහා සුභ පැතුම් එක් කළහ.

    ඉන්පසු මෙහිදි එම නියෝජිතයින් මාණ්ඩලික ප්‍රධානී, යාපනය ආරක්ෂක ආඥාපති ලෙස රාජකාරි කරමින් සිටියදි ඔහු විසින් යාපනය අර්ධද්විපයේ සිදු කරන ලද ව්‍යාපෘතින් හී ප්‍රගතිය පිළිබඳව කරුණු විමසන ලදි.

    ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ මඟපෙන්විමෙන් මීට පෙර යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් යාපනය අර්ධද්වීපයේ සිදු කළ ව්‍යාපෘතින් පිළිබඳව එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයින් දැනුවත් කළහ.

    මෙහිදි යාපනය ප්‍රදේශයේ සංහිඳියාව ඇතිකිරිම වෙනුවෙන් යුද්ධ හමුදාවේ දායකත්වය, එම ප්‍රදේශයේ ඉඩම් නිදහස් කිරීම, වෙරළ ප්‍රදේශ සංරක්ෂණය කිරිම, ධීවර කර්මාන්තය සඳහා ලබා දි ඇති පහසුකම් පිළිබඳවද සාකච්ඡා කරන ලදි. එමෙන්ම නුදුරේදි මාලි දේශයේ රාජකාරි ඉටුකිරිමට යන භට පිරිස් පිළිබඳවද සාකච්ඡා කරන ලදි.

    මෙම හමුව අවසානයේ පැමිණි සිටි නියෝජිතයින් දෙදෙනා හා මාණ්ඩලික ප්‍රධානී අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

    source- SL army

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya