අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙද ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීමට උපදෙස්

    අප්‍රේල් 30, 2017

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන මාරුවීම් නියෝග සහ නව පත්වීම් මත අනුප්‍රාප්තිකයෙකු ලබාදෙන ලද හෙද හෙදියන් මැයි මස 01 වනදාට ප්‍රථම අදාළ ස්ථාන මාරුවීම් ලබාදුන් සේවා ස්ථානවලට මුදාහැරිමට පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී තීරණය කර ඇත.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුව නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.

    හෙද හෙදියන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රීයාත්මක නොවන බවට පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යවරු මෙහිදී පෙන්වා දුන්හ. එම අවස්ථාවෙි දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය ගත් අතර, එම නියෝග ක්‍රීයාත්මක කිරීම රෝහල් අධ්‍යක්ෂවරුන්ගේ සහ පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් බව ද අවධාරණය කරන ලදි. එම නියෝග ක්‍රියාත්මක නොකරන රෝහල් බලධාරීන් පිළිබද පරික්ෂණ පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත   උපදෙස් ලබාදෙන ලදි. ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කළ ආකාරය පිළිබද පුර්ණ වාර්තාවක් සියළුම රෝහල් අධ්‍යක්ෂවරු සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කළ යුතු වෙයි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය මිනිස් ජීවිත වලට සෘඡුවම වගකියන අමාත්‍යාංශයක් බැවින්, අවශ්‍ය පහසුකම් රෝහල් වලට ලබාදිය යුතු බවයි. න්‍යාය පත්‍ර ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතු බවත්, වෘත්තීය සමිතිවල අදහස් ද ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට සියළුම පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, ආයතන ප්‍රධානීන්, පළාත් සභා සෞඛ්‍ය බලධාරීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya