අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''පරිස්සමින් ගිහින් එන්න'' රියදුරන් දැනුම්වත් කරයි

    අප්‍රේල් 30, 2017

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සංවිධානය කරන ‘පරිස්සමින් ගිහින් එන්න’ ජාතික මාර්ග ආරක්ෂණ වැඩසටහන යටතේ රථවාහන රියදුරන් දැනුම්වත් කිරීම ඇල්පිටිය නගරය ආවරණය වන පරිදි පසුගියදා ක්‍රියාත්මක විය.

     ‘පරිස්සමින් ගිහින් එන්න’ ස්ටිකරය රථවාහන වල හොඳින් පෙනෙන පරිදි ප්‍රදර්ශනය කිරීම හා අනතුරු අවම කරගැනීමටත් අනතුරු වළක්වා ගැනීමටත් රියදුරන් දැනුම්වත් කිරීම වෙනුවෙන් අත් පත්‍රිකා බෙදාදීම මෙහිදී සිදුකළ අතර එය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි සිදු විය.

     මෙම වැඩසටහන ඇල්පිටිය බස්නැවතුම්පළ ඉදිරිපිටින් ආරම්භ කෙරිනි.

     එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති නීතීඥ රවී ජයවර්ධන, ක්‍රියාකාරී අධ්‍යක්ෂක නුවන් සොමිරත්න, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් යන මහත්වරුන් ඇතුලුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිළධාරීහු ඇතුලු පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya