මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාදැල් ධීවර කාර්මිකයන් ද සමඟින් ජාතික ධීවර මහා සම්මේලනය ශක්තිමත් කරනවා

    අප්‍රේල් 30, 2017

    සමස්ත රටේම මාදැල් ධීවර සමිති පිහිටුවීම මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

    ජාතික ධීවර මහා සම්මේලනය යටතේ මාදැල් සමිති සදහා නව පණක් ලබාදීම තම අරමුණ බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථම මාදැල් ධීවර සමිතිය පිහිටුවීමේ අවස්ථාවේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව
    සදහන් කළේය . මෙම සමිතිය පිහිටුවන තෙක් දකුණු පළාතට මෙතෙක් එකදු මාදැල් ධීවර සමිතියක් නොතිබුණි .

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,  මෙතෙක් එකම මාදැල් ධීවර සමිතියක් දකුණු පළාතේ තිබුණේ නැහැ . මෙය තමයි දකුණු පළාතේ පළමු මාදැල් ධීවර සමිතිය .මට පසුගියදා වගකීමක් පැවරුණා මේ මාදැල් කර්මාන්තය පිළිබද සොයා අවශ්‍ය කටයුතු සිදුකිරීමට. ඒ අනුව සමස්ථ ලංකා මාදැල් සමුපකාර සම්මේලනයේ නිලධාරීන් අමාත්‍යංශයට කැදවා සාකච්ජා කළා . එහිදී ඔවුන් මෙම කර්මාන්තයට බලපා ඇති ගැටළු ඉදිරිපත් කළා . ඒ අනුව මම වැඩපිළිවෙලක් සකස් කළා එම ගැටළු වලට විසදුම් ලබාදීමට. එහිදී මේ රට වටේ විසිරි සිටින මාදැල් ධීවර කාර්මිකයන් එකට ගොනුකර ගැනීම අවශ්‍යයි.

    මෙහිදී ජාතිකධීවර මහා සම්මේලනයට නව මුහුණුවරක් ලබාදී මාදැල් ධීවර සමිති එක්කර ධීවර ජනතාවට ලබාදිය හැකි සෑම සහනයක්ම ධීවර සම්මේලනය හරහා ලබාදීමට කටයුතු කරනවා . මමත් ධීවරයෙක් , පාරම්පරික මාදැල් හිමියෙක් . ඒ නිසා මේ ධීවර කර්මාන්තය රැකගැනීමට වගේම ධීවර ජනතාවට කල හැකි සියල්ල කිරීමට මට විශාල ආශාවක් වගේම උනන්දුවක් තියෙනවා . ඒ නිසා මේ කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් මම කැපවෙනවා  යැයි පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya