මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වව්නියා “නිල මෙහෙවර” අද සහ හෙට

    අප්‍රේල් 29, 2017

    වව්නියාව දිස්ත්‍රික්කයේදී පැවැත්වෙන “නිල මෙහෙවර” ජනපති ජනතා සේවයේ ප්‍රදේශීය ජනතා සේවාවන් දෙකක් අද (29) සහ හෙට (30) යන දෙදින ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වන්නි දිස්ත්‍රික් මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය  මෙය කරයි.
     
    ඒ අනුව අද  පෙ.ව.8.00 ට වව්නියාව දකුණ, ප්‍රදේශීය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය වව්නියාව දකුණ, ගාමිණී මහා විද්‍යාලයේදී පැවැත්වෙන අතර  වව්නියාව ප්‍රදේශීය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය හෙට පෙ.ව.8.00 ට  වව්නියාව, දෙමළ මහා විද්‍යාලයේදී  පැවැත්වේ.
     
    ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ නිල මෙහෙවර ජනතා සේවයේ පළමු සහ දෙවන වැඩසටහන් පොළොන්නරුව හා ගාල්ල දිස්ත්‍රික්කයේදී  ඉතා සාර්ථකව අවසන් විය.

    නිල මෙහෙවර ජනතා සේවයේ 3,4,5,6 සහ 7 වැනි වැඩසටහන් කුරුණෑගල, මන්නාරම, මුලතිව්, වව්නියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පැවැත්වීමට ජනාධිපතිවරයා  විසින් ගාල්ල නිල මෙහෙවර ජනතා සේවයේ සමාප්ති උත්සවයේදී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya