අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය සේවාව නැංවීමට පින්ලන්තයෙන් ආධාර

    අප්‍රේල් 29, 2017

    ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර වලින් බහුතරයක් සෞඛ්‍ය සේවාව සඳහා ලබාදෙන බව පින්ලන්තයේ සමාජ කටයුතු සහ සෞඛ්‍ය අමාත්‍ය Pirkko Mattila මහත්මිය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට  ඊයේ  (28) දැනුම් දුන්නේය.

     

    ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ පින්ලන්ත සෞඛ්‍ය ඇමැතිනිය අතර පැවති ද්විපාර්ශ්වීය සාකච්ඡාවක දීය.

    පින්ලන්තය ශ්‍රී ලංකාවට ලබාදෙන මුදල් වලින් සියයට 30 ක් ආධාර වශයෙන් ද සියයට 70 ක් සහන ණයක් ලෙස ද ලබාදෙන බව මෙහිදී අනාවරණ විය. පින්ලන්ත රජය විසින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය ඉදිකිරීමට ලබාදුන් සහයෝගය ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

    පින්ලන්තය ලබාදෙන ආධාර වලින් සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සිදූ කළ යුතු සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ යෝජනා කඩිනමින් ලබාදෙන ලෙස පින්ලන්ත සෞඛ්‍ය අමාත්‍යවරිය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියාය. තව ද කිසියම් රෝගියෙකුගේ ඩී.එන්.ඒ පරීක්ෂා කර ප්‍රතිකාර කිරීමේ  ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණි. ඒ සඳහා ශ්‍රි ලංකාවේ වෛද්‍යවරුන්ට පුහුණුවක් ලබාදීමට පින්ලන්ත රජය එකඟත්වය පළ කරන ලදි. පින්ලන්ත සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකික වෙළෙද ප්‍රජාව වෙනුවෙන් රැස්වීමක් ද කොළඹ සිනමන් ග්‍රැන්ඩි හෝටලයේ දී ඊයේ පැවැත්විනි.

    මෙම සාකච්ඡාවේ දී පින්ලන්තය හා ශ්‍රි ලංකාව අතර, සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව දිර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිණි.  

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya