අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැයි දිනය, වෙසක් හා පොසොන් දිනවල පොලිතීන් භාවිතයෙන් වැළකී සිටිමු

    අප්‍රේල් 27, 2017

    ඉදිරියේදී එළඹෙන මැයි දිනය සහ වෙසක් හා පොසොන් උත්සව සමයේදී පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිතයෙන් වැළැකී සිටින ලෙස "නැණවත් කසළ කළමනාකරණයක් උදෙසා පුරවැසි එකතුවක් යන මැයෙන් දර්ශනපති පූජ්‍ය හැදිගල්ලේ විමලසාර හිමි ඇතුළු පාරිසරික විද්‍යා ‍ලේකඛ නාලක ගුණවර්ධන සහ රසායිනික විද්‍යාඥ හේමන්ත විතානගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඉල්ලා සිටියහ.

     මෙම මාධ්‍ය සාකච්ඡාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද (27) පැවති අතර කැළි කසල හේතුවෙන් දිගුකාලීන හා කෙටි කාලීන බලපෑම් පිළිබඳ අවධාරණය කළ අතර හරිත ලංකාවක් සඳහා පෙළ ගැසෙන විට පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු ආකාරය පිළිබඳ බව හේමන්ත වතානගේ මහතා පෙන්වා දුන්නේය.

    වි‍ශේෂයෙන් එළඹෙන ලෝක කම්කරු දිනය නිමිත්තෙන් පවත්වන රැළි සඳහා පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිතය හැකිතාක් අවම කරන ලෙසත් එම කටයුතු වලින් අනතුරුව අදාළ ස්ථාන පිරිසිදු කිරීමට වගබලා ගන්නා ලෙසත් සියලුම දේශපාලන පක්ෂවලින් මෙම පිරිස ඉල්ලා සිටියහ.

    වෙසක් හා පෙ‍ාසොන් උත්සව සමයන්හීදී සැරසිලි කටයුතුවලදී ඇතුළු සියලුම අවස්ථාවන්හීදී  පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍යවලින් පූජා නගර, පූජා භූමි ආදි අපවිත්‍ර නොකිරීමට වගබලාගන්නා ලෙස බෞද්ධ ජනයාටද විමලසාර හිමියෝ මෙහිදී සිහිපත් කර සිටියහ.

    දෛනික ඒක පුද්ගල කසල ජනනය ග්‍රෑම් 400 සිට කිලෝ 1 දක්වා බව පෙන්වා දුන් නාලක ගුණවර්ධන මහතා වර්ෂික ජනගහන ජනනය 1.1%ක් වන අතර කසල ජනනය 1.2ක් බව ද සඳහන් කළේය.

    මීතොටමුල්ල ප්‍රදේශයේ සිදු වූ කසළ ඛේදවාචකයත් සමඟ කසළ කළමනාකරණය පිළිබඳව සමාජය තුළ පුළුල් කතිකාවතක් ඇති වූ නමුත් එය සමස්ත සමාජයේම ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වූ ප්‍රතිවිපාකයක් බවත්, ඉදිරියේදී  එවන් විපතක් සිදු නොවීමට වගබලා ගැනීම සමස්ත ප්‍රජාවගේම යුතුකමක් හා වගකීමක් වන බවත් එම පිරිස වැඩිදුරටත් අවධාරණය කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya