මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ ප්‍රතිමාවක් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ ඉදි කෙරේ

    අප්‍රේල් 27, 2017

    නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවේ සම්මත වී මේ වසරේ මැයි 15 වෙනිදාට වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එම පනතේ නිර්මාතෘ හා

    මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පියා වශයෙන් සැළකෙන ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ ලෝහමය ප්‍රතිමාවක් ගාලු මුවදොර පිහිටි ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ ඉදිකෙරේ.  

    සමස්ත ලංකා මධ්‍ය විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් අනුව මෙම ප්‍රතිමාව ඉදිකෙරෙන අතර ජනාධිපතිවරයා ඒ සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් ජනාධිපති අරමුදලෙන් ලබා දී ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    සමස්ත ලංකා මධ්‍ය විද්‍යාලීය ආදී ශිෂ්‍ය  සංගමය විසින් සංවිධානය කොට තිබූ මෙම මාධ්‍ය හමුව ආරම්භයේදී මහින්ද අමරවීර අමාත්‍යවරයා ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ පිළිරුවට මල්දමක් පළදවා ගෞරව දැක්වීය.

    ඉන්පසු මාධ්‍යවේදීන් ඇමතූ ඒ මහතා කන්නන්ගර මහතා ආරම්භ කළ නිදහස් අධ්‍යාපන ක්‍රමය මේ රජය විසින් කප්පාදු කිරීමට යන  බවට ඇතැමුන් බොරු ප්‍රචාර ගෙනයන  නමුත් නිදහස් අධ්‍යාපනය තවදුරටත් ‍ශක්තිමත් කරමින් දිගටම පවත්වාගෙන යාමට රජය කටයුතු කරගෙන යන බව ද සඳහන් කළේය.

    ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථාකරන බොහෝ රටවල් මුදල් අයකොට අධ්‍යාපනය ලබාදෙන නමුත් ශ්‍රී  ලංකාව පළමුවැනි ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාලය දක්වා සෑම සිසු දරුවකුටම නොමිලයේ අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව ද මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේය.

    සමස්ත ලංකා මධ්‍ය විද්‍යාලයීය ආදී ශිෂ්‍ය  සංගමයේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya