මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තියට අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

    අප්‍රේල් 27, 2017

    කෙටුම්පත් කරන ලද ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීමේ  මැයි 15 වන දින දක්වා දීර්ඝ කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ.


    මීට පෙර මහජන අදහස් ලබාදිය හැකි අවසන් දිනය බවට දක්වා තිබුණේ ලබන 30 වන දිනයි. නමුත් විවිධ පාර්ශවයන්ගෙන් ලැබුණු ඉල්ලීම් හේතුවෙන් මෙලෙස කාලය දීර්ඝ කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය  ඇත.

    කෙටුම්පත් කර ඇති ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තියේ සම්පූර්ණ ලියවිල්ල පහත ආකාරයෙන් ලබා ගත හැකිය.

    1)    www.childprotection.gov.lk වෙබ් අඩවිය ඔස්සේ හා
    2)    සභාපති, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, නො. 330, තලවතුගොඩ පාර, මාදිවෙල, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයේ ස්ථාපිත ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීම් කිරීමෙනි.

    අදාළ කෙටුම්පත පිළිබඳව මහජන අදහස් හා යෝජනා උක්ත තැපැල් ලිපිනයට හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයට එවීමට කටයුතු කරන ලෙස මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමි.

    ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තියේ කෙටුම්පත යනු, වසරකට අධික කාල පරිච්ඡේදයක් මුළුල්ලේ ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් පවත්වන ලද විවෘත සාකච්ඡාවල ප්‍රතිඵලයකි. ජාතික හා පළාත් පරිවාස හා ළමා ආරක්ෂක කොමසාරිස්වරුන්, පොලිස් දෙපාර්තමේන්තුව, ළමා මහලේකම් කාර්යාලය, කාන්තා හා ළමා කටයුතු, අධ්‍යාපන, සෞඛ්‍ය, කම්කරු, අධිකරණ, සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන, විදේශ රැකියා යන අමාත්‍යාංශ, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, රාජ්‍ය නොවන සංවිධාන, අන්තර්ජාතික සංවිධාන හා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ද ඇතුළත් වූ සියලු ම අදාළ අංශවල දෘෂ්ටිකෝණයන් එක්රැස් කිරීම, අන්තර්ග්‍රහණය කිරීම හා වැඩමුළු පැවැත්වීම ආදිය මඟින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් මෙම ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සලස්වන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya