මෙම සහන සැලීම සඳහා පත් කළ කැබිනට් අනු කමිටුවේ තීරණය මත මෙම කාලය දීර්ඝ කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නිර්දේශ තවදුරටත් පුළුල් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට හා යෝජනා ඉදිරිපත් කිරීමට නොහැකි වූ අයට හා සංවිධානවලට යළිත් මෙමඟින් අවස්ථාවක් හිමි වේ.
ඒ අනුව මෙම වකවානුව තුළ ඝාතනයට, පහරදිම්වලට සහ නොයෙකුත් විවධ හිරිහැර හා පීඩාවලට පත් වූ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් පිළිබඳව ඉල්ලීම් සිදු කිරීමට මෙම කැබිනට් අනුකාරක කමිටුව අවස්ථාව ලබා දී ඇත.
මෙම යෝජනා සහ ඉල්ලීම් 2017 මැයි පළමු වනදාට පෙර පහත සඳහන් ලිපිනයට, ෆැක්ස් අංකයට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කළ හැකිය.
ලිපිනය : රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
අංක 163, කිරුලපන මාවත,කොළඹ 05
ෆැක්ස් : 011 2514753
ඊ මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.