අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔටිසම් දරුවන්ට ප්‍රතිකාර කිරීමට ජාතික ළමා සංවර්ධන මධ්‍යස්ථානයක්

    අප්‍රේල් 26, 2017

    ඔටිසම් රෝගී දරුවන්ට ප්‍රතිකාර කිරීමට සහ පුහුණු කිරීමට  සඳහා ජාතික ළමා සංවර්ධන මධ්‍යස්ථානයක සිහිනය මේ වසර අවසන්වීමට පෙර සැබෑවක් බවට පත් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

    ඒ අනුව මේ වසර අවසන්වීමට පෙර ජාතික ළමා සංවර්ධන මධ්‍යස්ථානය මුල්ලේරියාවේ ඉදිකිරීමට සැළසුම් කර තිබේ. තවද ඉදිරියේ දී පළාත් මට්ටමින් ළමා සංවර්ධන මධ්‍යස්ථාන ඉදිකිරීමටද බලාපොරොත්තු වෙයි.

     

    ඔටිසම් රෝගී දරුවන්ට ප්‍රතිකාර කිරීම රජය දායකත්වය ලබදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා,ඔටිසම් රෝගී දරුවන් රටේ ඵලදායි ජීවිත ගතකරන තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව පැවසී ය.

    මෙය රජයේ කාර්යභාරයක් පමණක් බවට පත් නොකර සමාජයේ සියලු දෙනා ඔටිසම් දරුවන් වෙනුවෙන් ඵලදයී දායකත්වයක්,භූමිකාවක් කිරීමේ හැකියාව පවතින බවද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසී ය.

     

    ඔටිසම් රෝගය දරුවෙකුගේ මොළය වර්ධනයේ සිදුවන වෙනස්කම් නිසා හටගන්නා රෝගයකි.වර්තමනය වනවිට මෙම රෝගී තත්ත්වය සෑම ළමුන් 110කින් එක් අයෙකු දක්වා වර්ධනය වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya