අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති නවදිල්ලි නුවරට ළඟා වෙයි

    අප්‍රේල් 26, 2017

    ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (25) දින පස්වරුවේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් නවදිල්ලි නුවරට ළඟා විය.

    නවදිල්ලි නුවරට පැමිණි අග්‍රාමාත්‍යවරයා ඇතුලූ ශ්‍රී ලංකා දූත පිරිස ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ දී පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං (Taranjit Singh), ප්‍රධාන සංධාන නිලධාරී සන්ජේ වර්මා (Mr. Sanjay Verma) සහ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීශ්වර ඇතුලූ මහකොමසාරිස් කාර්යාලයීය නිලධාරීන් පිරිසක් විසිනි.

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 26 වන දා සිය නිල සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.

    ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යංශයේ දකුණු ආසියා සහ සාර්ක් කලාපීය ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ ජනරාල් අසෝක ගිරිහාගම සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ සංචාරයට එක්ව සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya