අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම පිළිබඳව සාකච්ඡාවක්

    අප්‍රේල් 25, 2017

    ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත්වල ආරක්‍ෂක අංශ පරිහරණය කරන ඉඩම් තවදුරටත් නිදහස් කිරීම සම්බන්ධ රැස්වීමක් අද දින උදෑසන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී. එම් ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වින.

    මේ අවස්ථාවට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාද සහභාග වූ අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල පාර්ලිමේන්තු නියෝජිතයින් සහ පළාත් පාලන ආයතන නියෝජිතයිගෙන් සමන්විත නියෝජිත පිරිස් මෙන්ම ළමා කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍ය විජයකළා මහේෂ්වරන් මහත්මියද සහභාගී වූ අතර මන්නාරම දියෝකිසිය නියෝජනය කරමින් වික්ටර් සොයිසා පියතුමාද මේ අවස්ථාවට සාකච්ඡාවට සහභාගී විය.

     

    මෙම සාකච්ඡාවේ දී මේ දක්වා සිවිල් ජනතාව වෙනුවෙන් උතුරු සහ නැඟෙනහිර පළාත්වල නිදහස් කර ඇති ඉඩම් පිළිබඳව මෙන්ම රජය මගින් එම ප්‍රදේශවල සංවර්ධනය වෙනුවන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව තවදුරටත් ආරක්ෂක අංශ භාවිත කරන ඉඩම් නිදහස් කිරිම පිළිබඳව මතුව ඇති ගැටළු පිළිබඳවද කරුණු සාකච්ඡා විය.

     

    මේ අවස්ථාවට රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්,ආරක්‍ෂක අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුධ සහ නාවික හමුදාපති වරුන්, ත්‍රිවිධ හමුදා වේ සහ පොලිස් දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී වී සිටියහ.

    defence.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya