අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජනතා සේවයේ නිල මෙහෙවර වව්නියාවේදී

    අප්‍රේල් 25, 2017

    මීතොටමුල්ල කුණු කන්ද සඳහා දීර්ඝ කාලීන විසඳුම් ලබාදීම සඳහා මෙම රජය කටයුතු කර තිබෙන අතර එම කුණු කන්ද යළිත් වෙනත් පිරිසකට භාර නොදෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    ඒ මහාත ප්‍රකාශ කළේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඒ සඳහා කටයුතු කරමින් සිටින බවයි.

    පසුගියදා වව්නියාව උතුර, නැදුන්කර්නි මහා විද්‍යාලයේදී පැවැති ජනපති ජනතා සේවය නිල මෙහෙවර ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාදීමේ වැඩසටහනට සහභාගි වෙමින් අමාත්‍යරවයා මේ බව සඳහන් කළේය.


    වව්නියාව උතුර, ප්‍රදේශීය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය වව්නියාව උතුර, නැදුන්කර්නි මහා විද්‍යාලය, නැදුන්කර්නි ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රය සහ ප්‍රාදේශිය සභා පුස්තකාල පරිශ්‍රයේදී ග්‍රාම නිලධාරි කොට්ඨාස 20 ක් ආවරණය වන පරිදි පැවැත්වූණි.

    වව්නියාවේ ඔබ අවුරුදු 30 කට අධික කාලයක් විශාල දුකක් විදපු කණ්ඩායමක්. ඔබගේ ඒ ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදීමට තමයි ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් මගපෙන්වීම මත නිල මෙහෙවර ජනපති ජනතා සේවය වව්නියාවේ ක්‍රියාත්මක කරන්නේ" යැයි  අමාත්‍යවරයා කීය.


    මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ.මස්තාන්, වව්නියාව දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya