අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිළිකා ඖෂධ පිළිබදව අසත්‍ය ප්‍රචාර සිදුකරනවා

    අප්‍රේල් 25, 2017

    පිළිකා ඖෂධ පිළිබඳව විෂමාචාර සිද්ධීන්වලට සම්බන්ධ සමාගමක් අසත්‍ය ප්‍රචාර සිදු කරන බවත් පිළිකා ඖෂධ ගෙන්වන ටෙන්ඩර් මණ්ඩලයෙන් ඡ්‍යෙෂ්ඨ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඉවත් වී නොමැති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පළ කළ වර්තා පිළිබද අදහස් පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.


    ඖෂධ මිල අඩු කිරිම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ ටෙන්ඩර්වල සිදු වී ඇති දුෂණ වංචා නතර කිරිම හේතුවෙන් ඖෂධ සමාගම් කැළඹී ඇත. විෂමාචාර සිද්ධීන්වලට සම්බන්ධ ඖෂධ සමාගම්වලට නීති රීති ද පනවා ඇත. එවැනි නීති රීති පනවන ලද ඖෂධ සමාගමක් මෙවැනි අසත්‍ය ප්‍රචාර මාධ්‍යට ලබා දී ජනතාව නොමග යවයි.

    පිළිකා ඖෂධ ටෙන්ඩර් මණ්ඩලය තුළ ගැටළුවක් ඇති වී නොමැති බව අතිරේක ලේකම් වෛද්‍ය ආර්.ආර්.එම්.ආර් සියඹලාගොඩ මහතා මා වෙත දැනුම් දී ඇත. ටෙන්ඩර් මණ්ඩලයට අදාළ වෛද්‍යවරුන් ද සහභාගි වී ඇත. නීති රීති පනවා සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ ලබාගැනිම තහනම් කළ විෂමාචාර සිද්ධීන්ට සම්බන්ධ ඖෂධ සමාගමක් විසින් මෙම අසත්‍ය ප්‍රචාර නිකුත් කිරීම සිදු කරයි.

    පිළිකා ඖෂධ හිඟයකින් තොරව රෝගීන්ට ලබාදීමට පියවර ගෙන ඇත. ඖෂධ මිල අඩු කිරීමෙි වැඩපිළිවෙල යටතේ දෙවන අදියරේ දී පිළිකා ඖෂධවල මිල අඩු අඩු කිරීමට අවශ්‍ය කටයුතු සළස්වන ලෙස මම ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දී ඇත. නිදහස් සෞඛ්‍ය සේවාව සමාගම්වලට අවශ්‍ය පරිදි මෙහෙයවීමට තමන්ගේ සුදානමක් නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya