අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා දස ලක්ෂයක් බිහිකිරිමට ස්වශක්ති ණය

    අප්‍රේල් 24, 2017

    ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව පිරිනමන ස්වශක්ති ණය යෝජනා ක්‍රමයට මහජන බැංකු සක්‍රියව දායක වෙමින් ණය මුදල් නිකුත් කරයි.

    මෙම වැඩපිළිවෙළ ආරම්භ කරමින් ව්‍යවසායකයින් වෙත ණය මුදල් ප්‍රදානය කිරීම මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා අතින් පසුගියදා නුවරඑළිය ශාඛාවේදි සිදුකෙරිණි.

     

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව ව්‍යාපාර ණය සහ පවත්නා ව්‍යාපාර සඳහා උපරිමය රු 250,000 දක්වා වූ ව්‍යාපාර ණය ඉතාම සහනදායි 5.5 % ක සහනදායි පොලී අනුපාතයක් යටතේ පිරිනැමේ. එමෙන්ම නව ව්‍යාපාර ණය සඳහා රු 50,000ක උපරිමයට යටත් ප්‍රදානයක් පිරිනැමේ. මෙම ණය මුදල පියවීම සඳහා උපරිම වසර 5 ක ආපසු ගෙවීමේ කාලසීමාවක් හිමිවන අතර අවශ්‍යතාවය මත මාස 12 ක උපරිමයකට යටත් සහන කාලයක් හිමිවේ.


    ස්වශක්ති ණය යෝජනා ක්‍රමයේ අරමුණු වන්නේ ග්‍රාමීය මට්ටමින් ඇති කෘෂිකාර්මික හා පශු සම්පත්, කර්මාන්ත හා සේවා අංශයන් යටතේ දැනටමත් එම ව්‍යාපාරවල නියැලෙමින් ආදායම් උත්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින සහ අලුතින් එම ව්‍යාපාර යටතේ ආදායම් උත්පාදන ක්‍රියාවලීන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන නව ව්‍යවසායකයින් සඳහා මූල්‍ය සහය ලබාදීමයි.

     

    එමෙන්ම දිවයින පුරා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති පිහිටුවීම මඟින් රැකියා දශ ලක්ෂයක් ඇති කිරිමේ රජයේ අරමුණට දායක වීම, නව තාක්ෂණික ක්‍රම සැපයීම මඟින් ග්‍රාමීය ආර්ථීකයේ කාර්යක්ෂමතාවය වැඩිකිරිම, ග්‍රාමීය තරුණ තරුණියන්ගේ හැකියාවන් සහ ග්‍රමීය සම්පත් ප්‍රයෝජනයට ගැනිම සඳහා අවස්ථා ඇති කිරිම මෙහි අනෙකුත් අරමුණු වේ.

     

    තම ව්‍යාපාරය පුළුල් කිරිමට උනන්දු වන ක්ෂ්‍රද්‍ර මුල්‍ය ව්‍යාපාර වල නිරතවෙන ව්‍යවසායකයින්, ග්‍රාමීය බල ප්‍රදේශයන්හි ඇති සම්පත් ආර්ථීක ක්‍රියාකරකම් සහ නව ව්‍යාපාරික අදහස් ඇති ව්‍යවසායකයින් සහ තරුණ උපාධිධාරින්, කාන්තාවන් සහ ආබාධිත තරුණ කොටස් මෙම ණය යෝජනා ක්‍රමය තුළින් බලගැන්වීමට අපේක්ෂා කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya