අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්ව වැඩ කරන්නේ නම් ස්ථීරසාර අරමුණුවලට ළඟා විය හැකියි

    අප්‍රේල් 24, 2017

    රජය සහ සමූපකාර ව්‍යාපාරය එක්ව වැඩ කරනවානම් රටක් ජාතියක් ස්ථිරසාර අරමුණු කරා ඉතා පහසුවෙන් යොමු කළ හැකි බවත්  ශ්‍රී ලංකාව අසීරු අවස්ථාවන්ට මුහුණ දුන් සෑම අවස්ථාවක දී ම සමූපකාර ව්‍යාපාරය ජනතාව නගා සිටුවන්නත් ආර්ථිකය හා ව්‍යාපාරික ක්ෂේත්‍රය ස්ථාවරව තබාගන්නත් විශාල මෙහෙවරක් කළ බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.


    වියට්නාමයේ හැනෝයි නුවර පැවැති සමූපකාර ක්ෂේත්‍රයේ නියෝජිත සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙම සමුළුව පසුගිය 18 දා සිට 21 වැනි දා දක්වා වියට්නාමයේ දී පැවැත්විණි. ස්ථිරසාර සංවර්ධන අරමුණු ළඟා කරගැනීමට රජයසහ සමූපකාර ව්‍යාපාරය අතර සබඳතාව ශක්තිමත් කිරීම මෙම සමුළුවේ තේමාව වී තිබිණි.

    ශ්‍රී ලංකාවේ දැන් වර්තමානය වනවිට ජාතික සමූපකාර ප්‍රතිපත්තියක් සැකසීමේ අවසාන අදියර ක්‍රියාත්මක කරමින් තිබෙන බවත්  මෙය ඉතාමත් කාලෝචිත අවස්ථාවක් වන අතර මෙරට පළමු සමූපකාර සමිතිය ආරම්භ වූයේ 1906 දී මධ්‍යම පළාතේ දී බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    දශක ගණනාවක් පුරා සමාජ හා දේශපාලනික වෙනස්කම් සමඟ වර්තමානය වනවිට සමූපකාර ක්ෂේත්‍රය තවදුරටත් විකාශනය වූ දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන අතර ජාතික සමූපකාර ප්‍රතිපත්තිය සැකසීම තම ප්‍රධාන වගකීමක් වන බවටත් සියලු දෙනා පළාත් අමාත්‍යවරු සමූපකාර දෙපාර්තමේන්තු සහ ප්‍රාදේශීය මට්ටමේ සමූපකාර සේවා නියුක්තිකයන් මෙය සාක්ෂාත් කරගැනීමට උර දෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

    වර්තමානය වනවිට දකුණු ආසියාතික රටවල සංවර්ධන සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාව වන්නේ ස්ත්‍රී පුරුෂ බාවයයි. අපිට පුළුවන් කාන්තා බලගැන්වීම් වැඩසටහන් සමූපකාර ව්‍යාපාරය සමග සහයෝගයෙන් ක්‍රියාත්මක කරවන්න. එවිට අප බලාපොරොත්තු වන ස්ථිරසාර අරමුණු කරා ළඟා විය හැකියි.

    ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය කෘෂිකර්මාන්තය, පාරිභෝගික නිෂ්පාදන, සෞඛ්‍ය සේවා, කර්මාන්ත මූළ්‍ය කාන්තා හා තරුණ කොටස් අතර ක්‍රියාකාරී වන බවත් අන්තර්ජාතික කම්කරු සංවිධානයේ උදව් උපකාර ඇතිව  ශ්‍රී ලංකාවේ ප්‍රථම සමූපකාර පනත මගින් ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන සමූපකාර 14,500ක් එකම පනතක් ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාත්මක කිරීමට තම අමාත්‍යාංශය උත්සාහ කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෙම සමුළුවෙන් ලබා ගන්නා අත්දැකීම් ශ්‍රී ලංකාවේ සමූපකාර ක්ෂේත්‍රය වඩාත් දියුණු කිරීමට මහෝපකාරී වනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya