අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුළුව - ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය විශේෂ ඇගයීමකට

    අප්‍රේල් 23, 2017

    ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්, නුවරදි පැවැත්වෙන ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය විශේෂ ඇගයීමකට ලක්වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

     

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සමුළුවට සහභාගී වි සිටින ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානින් සමඟ තමා වෙන් වෙන් වශයෙන් සාකච්ජා ආරම්භ කළ බවයි.සමුළුව පසුගිය 18 වෙනිදා ආරම්භ වූ අතර එය  අද (23) නිමාවිමට නියමිතය.

     

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා G24 මුදල් අමාත්‍යවරුන්ගේ හමුවට සහාගී වූ අතර, එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය පිළිබදව සාකච්ජා කෙරිනි.

    මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුදල් අමාත්‍යවරුන්ගේ මණ්ඩලය නියෝජනය කළ රවී කරුණානායක මහතාට එහි පළමු උප සභාපති ධුරය පිරිනැමුණු අතර එය ශ්‍රී ලංකාව ලැබු සුවිශේෂ ජයග්‍රහණයකි. මෙම සමුළුවේදි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ මිට්සුහිරෝ පුර්සාවා මහතා (Mr. Mitsuhiro Furusawa) සමඟ සාකච්ජා පවත්වන ලදී. එම සාකච්ඡා ඉතා සාර්ථකව පැවැති බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

     

    ලෝක බැංකුවේ උප සභාපති ඇනටි ඩික්සන් මහත්මිය (Ms. Annette Dixon) හමුවුයේ ඉන් අනතුරුවය. මෙම හමුවේ දී ලෝක බැංකුව ප්‍රකාශකර සිටියේ ශ්‍රි ලංකාවේ, ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය මේ වනවිට යහපත් අතට පත්ව ඇති බවයි. තව දුරටත් එය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙ යාම සඳහා ලෝක බැංකුවේ සහාය හිමි වන බවද ඇනටි ඩික්සන් මහත්මිය (Ms. Annette Dixon) ප්‍රකාශ කළාය. ශ්‍රි ලංකාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදි පුළුල්ව සාකච්ඡා කෙරිනි. ඒ අනුව ලෝක බැංකුවේ විශේෂ විමර්ෂණ කණ්ඩායමක් නුදුරු දිනයක දී ශ්‍රි ලංකාවට එවීමට ලෝක බැංකුව එකඟතාවය පළ කළේය. මෙහිදී ඕස්ට්‍රේලියානු මුදල් අමාත්‍ය මැතිවුස් කොර්මන් මහතා ( Mr Mathias Cormann) සහ රවී කරුණානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීනි.

     

    සමුළුව අතරතුර ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා ඇතුළු දුත පිරිස හා ඇ‍මරිකානු එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසවර් (Chairperson of us Federal reserve) හෙවත් එරට, මහ බැංකු අධිපති ජැනට් යේලන් මහත්මිය( Mrs. Janet Yellen) සමඟ සාකච්ඡාවටයක් පැවැති අතර එය ඉතා සාර්ථකව නිමාවිය. තවද ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඇමෙරිකා එක්සත් ජනපදයේ මහා භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සාකච්ඡා පවත් වන ලදී.

     

    මෙම සමුළුව සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ මහා භාණ්ඩාගර ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වී සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya