මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකයට නව අධ්‍යක්ෂවරයෙක්

    අප්‍රේල් 23, 2017

    කැලණිය විශ්වවිද්‍යාලීය සන්නිවේදනය හා මාධ්‍ය ඒකකයේ නව අධ්‍යක්ෂවරයා සහ නිලධාරී මණ්ඩලයේ වැඩභාරගැනීම පසුගිය දා සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ දී පැවැත්විණි.

    එහිදි නව අධ්‍යක්ෂවරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසමහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂධූරයන් සඳහා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික බණ්ඩාර හේරත් මහතා සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සෝමරත්න මහතා පත්විය.

    මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම් සේමසිංහ මහතා,පීඨාධිපතිවරුන්, ලේඛකාධිකාරීවරයා සහ සන්නිවේදනය හා මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා, ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය මාපා තිලකරත්න මහතා සහ අධ්‍යයන අනධ්‍යන කාර්යමණ්ඩලය, විද්‍යාර්ථීන් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වූහ.

    මෙම අවස්ථාවට සහභාගී වූ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම් සේමසිංහ මහතා ප්‍රකාශකර සිටියේ කැලණිය විශ්වවිද්‍යාලීය සන්නිවේදන හා මාධ්‍ය ඒකකය හා වෙබ් අඩවියේ කාර්යභාරය හා ක්‍රියාකාරීත්වය පිළිබදව සැළකිලිමත් වන බවත් විශ්වවිද්‍යාලීය සිසුන්ට විශ්වවිද්‍යාලය තුළම ප්‍රායෝගික පුහුණුව ලබාදීම වැදගත් බවයි.

    සන්නිවේදනය හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩ භාරගැනීමෙන් අනතුරුව වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරියේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් සිදුකරන පර්යේෂණ පිළිබඳව රටේ ජනතාව, පර්යේෂකයින් දැනුවත් කරලීම සන්නිවේදනය හා මාධ්‍ය ඒකකය තුළින් සිදුවිය යුතු බවයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya