News.lk - The Official Government News Portal of Sri Lanka

 

tami

eng

  • මුල් පිටුව
  • පුවත්
    • නවතම - ආරක්ෂක
    • ජනපති - පාර්ලිමේන්තුව - අගමැති
    • කාලීන සිදුවීම් සහ දේශපාලන
    • සංවර්ධන - ප්‍රාදේශීය
    • සංස්කෘතික සහ කලා
    • විදෙස් - ක්‍රීඩා
    • ප‍්‍රාදේශීය පුවත්
    • පුවත් සේයා
  • ආර්ථික
  • ශ්‍රව්‍ය දෘශ්‍ය කවුළුව
    • ප්‍රභාලේඛන මැඳුර
    • වීඩියෝ රඟහල
  • විශේෂාංග
  • කැබිනට් තීරණ
  • විමර්ශන
  • විශේෂ ආවරණ
    • දින 100 වැඩසටහන
    • තරුණ සමුළුව
    • 2015 අයවැය
    • අද මිල
  • විමසීම්
    • පෙර වෙබ් අඩවිය
      • පෙර වෙබ් අඩවිය - 1
      • පෙර වෙබ් අඩවිය - 2
    • ටෙන්ඩර් දැන්වීම්
    • අයඳුම්පත් භාගත කිරීම්
පූර්ණ හානියට පත් නිවාස හැටක පදිංචිකරුවන්ට නව නිවාස - තක්සේරු වටිනාකම මත සාධාරණ වන්දියක්
21
April

පූර්ණ හානියට පත් නිවාස හැටක පදිංචිකරුවන්ට නව නිවාස - තක්සේරු වටිනාකම මත සාධාරණ වන්දියක්

Published in කාලීන සිදුවීම් සහ දේශපාලන
  • font size decrease font size decrease font size increase font size increase font size
  • Print
  • Email

මීතොටමුල්ල අපද්‍රව්‍ය බහාලූම් මධ්‍යස්ථානයේ සිදු වූ ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සම්බන්ධව අද දින පැවති ප‍්‍රගති සමාලෝචන රැස්වීමේ දී ගනු ලැබූ තීරණ වලට අනුව පූර්ණ හානියට පත් නිවාස හැටක පදිංචිකරුවන් වෙනුවෙන් අද දින (21) නිවාස ලබාදීමට ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු සකස් කෙරේ.

එසේම එම නිවාස හිමියන්ට ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙක හමාරක් ද භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා රුපියල් දසදහසක මුදලක් ද හිමි වනු ඇත. පූර්ණ වන්දි ලබාදෙන තෙක් හෝ ස්ථිර නිවාසයක් ලබා දෙන තෙක් අවදානම් කලාපයෙන් ඉවත් වන පවුල් වෙනුවෙන් මාසික දීමනාවක් ලෙස රුපියල් පනස්දහසක මුදලක් හා භාණ්ඩ ප‍්‍රවාහනය ස`දහා රුපියල් දසදහසක මුදලක් ලබා දීමට ද මෙහිදී තීරණය විය.

මෙම අය වෙනුවෙන් මාස තුනක් ඇතුළත නිවසක් හෝ තක්සේරු වන්දිය ලබාදීම ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි අදාළ අමාත්‍යාංශ එකඟත්වය පලකෙරිණි. නිවාස ලබා ගැනීමට අකමැත්තක් දක්වන පවුල් සිටින බව නිරීක්ෂණය වූ බැවින්  ඒ පවුල් සඳහා තක්සේරු වටිනාකම මත සාධාරණ වන්දියක් ගෙවීමට ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

 

වන්දි ලබා ගන්නා පුද්ගලයින් වෙනුවෙන් ද ප‍්‍රවාහන හා ගෘහ උපකරණ වෙනුවෙන් ලබා දීමට යෝජිත දීමනා හිමිවනු ඇත. පූර්ණ හානියට පත් නිවාස 60ක්ද අර්ධ හානියට පත් නිවාස 22ක්ද අවදානම් කලාපයේ පිහිටා ඇති යැයි, දැනට නිගමනය කර ඇති නිවාස 211ක් වෙනුවෙන් ද මෙම වැඩපිළිවෙළ කඩිනමින් අනුගත කරනු ඇත.

 

කුණු කන්ද නායයෑමෙන් හානියට පත් දහම්පුර හා පන්සල්හේන ප‍්‍රදේශවල නිවාස හිමියන්ට නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබා දී තිබූ නිවාස ණය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට නිවාස සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. ඒ අනුව එම ප‍්‍රදේශවල පදිංචිකරුවන් පමණක් නොව,අවදානම් කලාපයේ පදිංචිකරුවන් නිවාස සංවර්ධන අධිකාරියෙන් නිවාස ණය ලබා ගෙන ඇත්නම්  එම නිවාස ණය ද අහෝසි වනු ඇත.

 

මින් ඉදිරියට මෙවැනි ව්‍යසනයන් සිදුවීම වැළැක්වීම සඳහා ඝණ අපද්‍රව්‍ය අපහරණය කිරීමේ ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය අගමැතිතුමා විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සෑම සතියකට වරක්, අගමැතිතුමා ඇතුඵ අදාළ අමාත්‍යාංශවල අමාත්‍යවරුන් සහ නිලධාරීන් එක්ව සාකච්ඡා කර කඩිනම් වැඩ පිළිවෙලක් සකස් කිරීමට තීරණය විය. මෙම සෑම රැස්වීමක්ම ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

 

ආපදාවට පත්වන නිවාස හිමියන් වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරිය ලබාදෙන නිවාස වලට වැය කරන සම්පූර්ණ මුදල කොළඹ නගර සභාව හා මහාභාණ්ඩාගාරය එක්ව අදාළඅමාත්‍යාංශයට ලබා දීමට අගමැතිතුමා විසින් උපදෙස් දෙන ලදී.

 

පීඩාවට පත් ජනතාවට ලබා දෙන සහන පිළිබඳ විකෘති මත පළවන බැවින්  සත්‍ය ජනතාවට නිවැරදිව අවබෝධ කරවීම සඳහා නිවැරදි මාධ්‍ය මෙහෙවරක අවශ්‍යතාවය පැනනැගුන හෙයින්  මේ සඳහා විධිමත් වැඩ පිළිවෙලක් සකස් කිරීමට ජනාධිපතිතුමා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

Pub/Dv

Tweet
  • Social sharing:
  • Add to Facebook
  • Add to Delicious
  • Digg this
  • Add to StumbleUpon
  • Add to Technorati
  • Add to Reddit
  • Add to MySpace
  • Like this? Tweet it to your followers!
back to top
  • ජනාධිපති
  • අග්‍රාමාත්‍ය
  • පාර්ලිමේන්තුව
  • අධිකරණය
  • රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
  • අමාත්‍යාංශ නාමාවලිය
  • මාධ්‍යායතන නාමාවලිය
  • රජයේ ගැසට් පත‍්‍රය
  • නවතම
  • ජනපති
  • ආර්ථික
  • දේශපාලන - පාර්ලිමේන්තුව
  • සංවර්ධන
  • සංස්කෘත සහ කලා
  • ක්‍රීඩා
  • විදෙස්

dgi log front

electionR2sin

recu

bestweb sliver media

FacebookTwitterRSSGPlusYoutube

sms2015

channel

  • මුල් පිටුව
  • නවතම
  • ජනපති
  • දේශපාලන - පාර්ලිමේන්තුව
  • සංවර්ධන
  • ආර්ථික
  • විදෙස්
  • ක්‍රීඩා
  • සංස්කෘත සහ කලා
  • අඩවි අනුරූපිතය
Copyright © The Official Government News Portal of Sri Lanka 2018 All rights reserved.
කාලීන සිදුවීම් සහ දේශපාලන