අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් ආරම්භ කිරිමට ප්‍රථම ඩෙංගු මදූරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට උපදෙස්

    අප්‍රේල් 21, 2017

    පාසල් නිවාඩුවෙන් පසු නැවත පාසල් ආරම්භ කිරිමට ප්‍රථම ඩෙංගු මදූරුවන් බෝවන ස්ථාන වෙතොත් එම ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන්ට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබා දී තිබේ.

    ඩෙංගු උවදූරින් ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙංගු මර්දන වැඩසටහන් හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇත.


    ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පිහිටි ප්‍රධාන රෝහල්වල ඩෙංගු අධිසත්කාර ඒකක සහ ඩෙංගු රෝගීන් සදහා වෙනම වාට්ටු ස්ථාපිත කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මීට ඉහත දී තීරණය කරන ලදි.

     

    ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, පානදූර රෝහල සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහල ද, දකුණු පළාතේ හම්බන්තොට, මාතර හා කරාපිටිය මහ රෝහල්වල ද නැගෙනහිර පළාතේ ත්‍රීකුණාමලය හා මඩකළපුව මහ රෝහල්වල ද මෙම ඒකක ස්ථාපිත කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.

     

    ඊට අවශ්‍ය වෛද්‍ය, හෙද සහ අනෙකුත් කාර්ය මණෟඩල හිඟයකින් තොරව ලබාදෙන ලෙසත්, සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. එම ඩෙංගු අධිසත්කාර ඒකක අධීක්ෂණය කිරීම විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම සහ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දූ යන මහත්වරු විසින් සිදූ කරනු ලබයි. රෝගීන් ප්‍රවාහනය කිරීම සදහා ගිලන් රථරියදූරන් ලබා දෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට නියෝග කරන  ලද බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya