අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්

    අප්‍රේල් 20, 2017

    2016 වසරේ අගෝස්තු මස 04 වැනි දින සම්මත කරන ලද 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යංශයේ අංශ ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද දින (අප්‍රේල් 20) උදෑසන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වින.

    මෙහිදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සුරිය මහතා සහ ජාතික මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ නීතිඥ ජගත් ලියනආරච්චි මහතා විසින් දේශන සහ ඉදිරිපත් කිරීම් සිදුකල අතර එහිදී තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනතාවට අවශ්‍ය තොරතුරු සඳහා ඇති ප්‍රවේශය, තොරතුරු ප්‍රසිද්ධ කිරීම සඳහා රාජ්‍යමය ආයතනවලට ඇති වගකීම, තොරතුරු ඉදිරිපත් කිරීමට ඇති වගකීම පිළිබඳව පිරිස දැනුවත් කිරීම සිදුවිය.

    මේ අවස්ථාව සඳහා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක්, අංශ ප්‍රධානින් රැසක් මේ අවස්ථාවට සහභාගවී සිටියහ.

    2016 වසරේ අගෝස්තු මස 04 වැනි දින සම්මත කරන ලද 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත 2017 වසරේ පෙබරවාරි මස 03 වැනිදා සිට බලාත්මක වේ.

     

    deee

     

    dr ranga

     

     

    jagath

     

    source-defence.lk

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya