අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු භාෂා විභාගයට දින නිවේදනය කෙරේ - විභාගයට අයදුම්කරුවන් 22888ක්

    අප්‍රේල් 20, 2017

    දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත‍්‍රයේ රැකියා බලාපොරොත්තුවන තරුණ තරුණියන් සඳහා 2017 වර්ෂයට අදාළව, ඇගයුම් මත ලකුණු දීමේ ක‍්‍රමවේදය යටතේ පැවැත්වෙන කොරියානු භාෂා ප‍්‍රවීණතා පරීක්‍ෂණය අපේ‍්‍රල් මස 27 දින ආරම්භ වීමට නියමිතය.

    මෙවර පරීක්‍ෂණය පරිගණක ආශ‍්‍රයෙන් පමණක් පැවැත්වීමට නියමිතය.ඒ අනුව එක් එක් විභාග අපේක්‍ෂකයින් හට විභාගය පැවැත්වෙන දිනය, වේලාව හා විභාග මධ්‍යස්ථානය www.slbfe.lk වෙබ් අඩවිය මඟින් දැනගත හැකිය.

     

    අපේ‍්‍රල් මස 27 දින ආරම්භ වන මෙවර විභාගය එදින සිට මාස 4ක්, අංක 205,දෙපානම, පන්නිපිටිය පිහිටි කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. දිනකට සැසි 4ක් බැගින් පැවැත්වීමට නියමිත අතර එක් දිනකට අපේක්‍ෂකයින් 320ක පමණ ප‍්‍රමාණයක් පැමිණීමට නියමිතය.

     

    මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 22888 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඉන් 16431 ක් නිෂ්පාදන අංශය සඳහා විභාගයට පෙනීසිටින අතර, 6457 දෙනෙකු ධීවර අංශයේ විභාගය සඳහා පෙනි සිටියි.


    විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන් විදේශ ගමන් බලපත‍්‍රය හා විභාග අයදුමපත් ලබාගැනීමේදී ඔවුන්ට ලබාදුන් ඡුායාරූපය ඇතුළත් විභාග අයදුම්පත් කොටස රැගෙන ඒම අනිවාර්ය වේ.

     

    අයදුම්කරුවන්ට තමන්ට නියමිත දිනය හැර වෙනත් දිනයක් පරීක්‍ෂණය සඳහා ලබා දෙනු නොලැබේ. විභාගය ආරම්භයට පැය දෙකකට පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණීම අනිවාර්ය වන අතර, කිසිඳු සන්නිවේදන උපකරණයක්, විද්‍යුත් උපකරණයක් විභාග ශාලාවට රැගෙන යාමට අවසර ලබා නොදේ.

     

    විභාග වංචා වැලැක්වීම සඳහා විභාග මධ්‍යස්ථානයෙහි සී.සී.ටී.වී. කැමරා පද්ධති සවිකොට ඇති අතර, අවිනීතිව හැසිරීම, වංචනික කි‍්‍රයාවක් සිදුකිරීමට උත්සහ ගැනීම වැනි කි‍්‍රයාවන් සිදුකළ බව හසු වුවහොත් වසර දෙකක විභාග තහනමකට ලක්විය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya