අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගලවා ගැනීමේ කාර්යයන්හි නියුතු භට පිරිස් යුද්ධ හමුදාධිපතිගේ අධික්ෂණයට

    අප්‍රේල් 20, 2017

    මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් විපතට පත් වූ අයවලුන් බේරා ගැනීමේ සහ එම සහන කටයුතුවල නිරත යුද්ධ හමුදා භට පිරිස්හි අවශ්‍යතාවයන් සොයාබලමින් ඔවුන් ධෛර්යමත් කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා එම සහන කටයුතු සිදු කරන ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

    මෙම ආපදා තත්වය ඇති වූ අවස්ථාවේ සිට යුද්ධ හමුදාධිපතිවරයා ඒ පිළිබඳව සිය විශේෂ අවදානය යොමු කරමින් එම සහන කටයුතු සඳහා දායක වන සහෝදර හමුදාවන්, පොලිස් සහ විශේෂ කාර්ය බලකායේ භට පිරිස් මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් සමඟ සම්බන්ධ වී එහි වූ හදිසි අවශ්‍යතාවයන් සොයා බලමින් කටයුතු සම්පාදනය කරනු ලැබීය.

    වෙහෙස, විඩාව නොබලා ගලවා ගැනීමේ සහ සහන සැලසීමේ කටයුතුවල නිරත සෙබලුන් හට මේ වන විට මළසිරුරු 30 ක් සොයාගැනීමට හැකි වී ඇත. භට පිරිස්හි කැපවීම සහ ධෛර්ය යුද්ධ හමුදාධිපතිවරයා  ඇගයීමට ලක් කළ අතර, සහන භට පිරිස් විසින් ඉදිරියට කරගෙන යනු ලබන සැලසුම් පිළිබඳව මෙහිදි යුද්ධ හමුදාධිපතිවරයා දැනුවත් කිරීම ද සිදු කළහ.

    ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අමිත් සෙනෙවිරත්න යන මහත්වරු මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

    source- SL Army

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya