අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික්කයේ සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් නගාසිටුවීම පියවර

    අප්‍රේල් 20, 2017

    ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින සාම්ප්‍රදායික කර්මාන්ත කරුවන් නගාසිටුවීම සඳහා අවශ්‍ය ආධාර හා උපදෙස් සම්පාදනය කිරීම පියවර ගැනේ.


    ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීම සඳහා ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කය වෙත ගෙනඒමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මූලිකත්වයෙන් සිදු විය.

    ඒ වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වූ අතර ඒ ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ සහාභාගීත්වයෙනි.


    පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාල පරිශ්‍රයේදී පැවති මෙම හමුවේදී ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින සාම්ප්‍රදායික කර්මාන්ත කරුවන් නගාසිටුවීම සඳහා අවශ්‍ය ආධාර හා උපදෙස් සම්පාදනය කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.

    මෙම අවස්ථාව සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, හබරාදූව එ.ජා.ප ප්‍රධාන සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන, දකුණු පළාත් මන්ත්‍රී ජයසිරි නානායක්කාර, අශෝක ධනවංශ යන මහත්වරුන් ඇතුළු නියෝජිතයින් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya