ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුම මහතා (His Excellency Kenichi Suganuma)විසින් මෙම භාණ්ඩ තොගය ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී අද භාර දෙන ලදී.
ටෙන්ට් , නිදන මෙට්ට , ජල පිරිසිදු කරණ, ජලය රැගෙන යාම් උපකරණ, ජෙනරේටර්, ජෙනරේටර් සහිත ලාම්පු දල්වන, විදුලි පන්දම්, අන්තරාය වායු හඳුනා ගැනීමේ උපකරණ 05ක්, GPS තාක්ෂණ උපකරණ, ජංගම වැසිකිළි යනාදීය අද දිනයේ ලබාදුන් භාණ්ඩ තොගය අතර වේ.