අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වෙසක් දිනය නිමිත්තෙන් වෙසක් පත් හතරක් ප්‍රකාශයට

    අප්‍රේල් 19, 2017
    ජාත්‍යන්තර වෙසක් දින උත්සවය මෙවර ලංකාවේදී පැවැත්වීමට ලැබීම ලංකාවට ලැබුණ ඉතා වැදගත් අවස්ථාවක් වන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පස්වරුවේ දී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පැවති ජාත්‍යන්තර වෙසක් දිනය තේමා කර ගනිමින් වෙසක් පත් හතරක් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
    මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය රට තුළ සාමය උදාකර ගත් රටක් ලෙස ලෝකයා වෙත ගෙන යාමට මෙවර වෙසක් උත්සවය හේතුකොට ගත හැකි වන බවයි.
    මෙම ජාත්‍යන්තර වෙසක් උත්සවයට සමඟාමී ව රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යාංශය මගින් ධම්ම පද ඇතුළත් වෙසක් පත් හතරක් ප්‍රකාශයට පත් කිරීම ද එම අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද වෙසක් පද්‍ය තරගාවලියක් තුළින් ජයග්‍රහණය කරන ලද ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානයද  මෙම අවස්ථාවේදී සිදු කෙරිණ.
    මෙම වෙසක් පත් මුද්‍රණයට මූල්‍ය දායකත්වය මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව මගින් සපයන ලද අතර, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංයේ බෞද්ධ සම්මේලනය මගින් මෙම කටයුත්ත සංවිධානය කරනු ලැබීය.
    මෙම අවස්තාව සඳහා හුණුපිටියේ, ගංගාරාමයේ, විහාරවාසී කිරින්දේ අස්සජි හිමියන්, බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍ර ප්‍රේමගමගේ ඇතුළු රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya