අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැංකු විභාගයක් 24 දා

    අප්‍රේල් 18, 2017

    ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කළමනාකරණ අභ්‍යාසලාභී තනතුරට බඳවා ගැනීමේ තරග විභාගය- 2016(2017) ලබන 24 වැනි දා කොළඹදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    අයදුම්කරුවන් 4515ක් මෙම විභාගය සඳහා පෙනී සිටීමට නියමිත අතර විභාග මධ්‍යස්ථාන 29කදී මෙම විභාගය පැවැත්වේ.

     

    සියලුම අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශපත්‍ර මේ වන විට තැපෑල් කර යවා ඇති අතර ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත සඳහන් දූරකතන අංක මඟින් විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව ඇමතීමට කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

     

    දූරකතන අංක - 0112185230/0112177075

    ක්ෂණික ඇමතුම්- 1911 ( පැය 24 පුරා)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya