මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීතොටමුල්ලේ ආපදාවට පත්වූවන්ට වන්දි

    අප්‍රේල් 17, 2017

    මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් ආපදාවට පත්වූවන්ට වන්දි ගෙවීමට රජය තීරණය කර ඇත. ඒ අනුව එම ආපදාවෙන් ඇති වූ ජීවිත හානියකට රුපියල් ලක්ෂය බැඟින් ද දේපල හානියකට උපරිමය රුපියල් ලක්ෂ 25 දක්වාද වන්දි ගෙවීමට වහා කටයුතු කෙරේ.

    මෙම වන්දි මුදල් ප්‍රමාණය ගෙවනු ලබනුයේ ජාතික රක්ෂණ භාර අරමුදල හරහා මුදල් අමාත්‍යාංශය විසින් ස්වාභාවික විපත් සඳහා ලබා ගෙන ඇති රක්ෂණ ක්‍රමය යටතේය.

    මෙම රක්ෂණ මුදල ට අමතරව මීතොටමුල්ල විපතට පත්වූවන්ට රජය විසින්   ගෙවනු ලබන වන්දිමුදල පිළිබඳව තීරණය ගනු ලැබූ විගස එය සඳහා වන ප්‍රති පාදන භාණ්ඩාගාරය විසින් අදාළ අංශ වෙත කිසිදූ ප්‍රමාදයකින් තොරව නිකුත් කරනු ලැබේ.

     

    මීතොටමුල්ල ප්‍රදේශයේ පසුගියදා සිදු වූ ආපදාවෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණයකට අනුව අවශ්‍ය පියවර ගැනීමට මුදල් අමාත්‍යාංශය විසින් දැනටමත් කටයුතු කර ඇත.

     

    මෙම රජය බලයට පත්වීමෙන් පසුව 2016 වසරේදී ස්වාභාවික විපත් හේතුවෙන් ආපදාවට ලක්වන ජීවිත හා දේපල හානිවලට වන්දි ලබාදීමේ ප්‍රගාමී (PROACTIVE) පියවරක් ලෙස ජාතික අක්ෂණභාර අරමුදල හරහා මුළු රටම ආවරණය වන පරිදි රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදෙන ලදි. මේ හේතුවෙන් විපතට පත්වූවන්ට පහසුවෙන් වන්දි ලබා දීමට රජයට හැකිව ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය.

    මීතොටමුල්ල විපතෙන් පසුව අවතැන්ව සිටින ජනතාවට පිසූ ආහාර ලබාදීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදී ඇති අතර අවදානම් තත්වයේ පවත්නා නිවාස නැවත සාදා දීමට හෝ විකල්ප ස්ථානවල පදිංචි කරවීමට ද රජය විසින් කටහුතු කරනු ඇත.

    මුළුමනින්ම විනාශ වූ නිවාස වෙනුවෙන් එම නිවාස ලාබීන්ගේ කැමැත්ත අනුව කොළඔ නගරයේ ක්‍රියාත්මක මහල් නිවාස ව්‍යාපෘතියේ නිවාස ලබාදීමට කටයුතු කළ හැකියැයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මේ පිළිබඳ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්පැවති සාකච්ඡාවේදී පවසන ලදි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya