අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රියාන්විතයේදී ආබාධිත රණවිරුවන්ගේ දරුවන්ට ප්‍රමුඛතාවයක්

    අප්‍රේල් 17, 2017

    පළමු වසර සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළව ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරුවන්ට  ලබාදෙන කොටාව සඳහා දරුවන් තෝරාගැනීමේදී යුධ සමයේ ක්‍රියාන්විත රාජකාරි වලදී අබාධිත සහ ශාරීරික දුබලතාවයන්ට තත්ත්යට පත්වූ රණවිරුවන්ගේ දරුවන්ට ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට නියෝග කර තිබේ.  

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පන්ති කාමර වලට ඇතුළත්කර ගන්නා සිසුන් ප්‍රමාණය අඩුකිරීමට අමාත්‍යංශය ප්‍රතිපත්තිමය තීරණයකට  එලඹ  ඇති අතර 2013 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී ඇති තීන්දුවකට අනුව පන්ති කාමර වල සිටිය යුතු උපරිම සිසුන් ප්‍රමාණය 35 සිමාවේ රඳවා ගැනීමටද නියෝග කර ඇත.

    ඒ අනුව 2016 දී සිසුන් 40ක් පමණක් බඳවාගෙන වසරකදී එක් සිසුවෙකු බැගින් අඩුකරමින් 2021 වසරේදී එක් පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසුන් ප්‍රමාණය 35 මට්ටමට ගෙන ඒමට  කටයුතු කරමින් පවතී.  

    එහිදී එක් පන්තියකට උපරිමය ළමුන් 5 බැගින් ඇතුළත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියේ සාමාජිකයන්ට කෝටා ක්‍රමය මගින් අවකාශ හිමිවන අතර එම කොටා ක්‍රමයට අනුව සිසුන් තෝරාගැනීමේදී ප්‍රමුඛතාවය ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී අබාධිත සහ ශාරීරික දුබලතාවයන්ට පත්වූ ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ රණවිරුවන්ගේ දරුවන්ට ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා 2018 වසර සඳහා පළමු වසර සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සකස්කිරීමට පත්කර ඇති කමිටුවට නියෝග කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya