අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අම්පාර මහ රෝහලට නව ව්‍යාපෘති 7ක්

    අප්‍රේල් 17, 2017

    අම්පාර මහ රෝහලේ නව සංවර්ධන ව්‍යාපෘති 07 ක් විවෘත කළ බවත් ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300 කට වැඩි බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

    අම්පාර මහ රෝහලේ සුව විශිෂ්ටතා සම්මාන උළෙල සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර හෙද විද්‍යාලයේ දී පසුගියදා පැවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන් විසින් තමාගෙන්  විවිධ ඉල්ලීම් ඉදිරිපත් කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම ඉල්ලීම් ලබාදීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.

    අම්පාර මහ රෝහල විශාල දියුණුවක් ලබා තිබෙන අතර, උසස් ප්‍රමිතියෙන් යුත් රෝහලක් ද වන අතර මෙම රෝහලේ වෛද්‍ය අධිකාරි ලංකාතිලක ජයසිංහ මහතා විශිෂ්ට සේවාවක් ඉටු කරන බවත් එවැනි වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවාව ගොඩනැංවීමට උපකාර කරන  බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෙම සම්මාන උත්සවයේ දී සම්මාන 24 ක් පිරිනැමුන අතර, අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සිහිවටන පළකයක් ද ලබාදෙන ලදි.

    මෙම අවස්ථාවට ඛණිජ තෙල් සම්පත් නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය, නැගෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී. දයාරත්න මහතා, අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂ ලංකාතිලක ජයසිංහ මහතා ඇතුලු වෛද්‍යවරුන්, හෙද හෙදියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya