අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන පරිපාලනය ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම්

    අප්‍රේල් 17, 2017

    ජාතික සහ පළාත් මට්ටමින් අධ්‍යාපන පරිපාලනය ප්‍රතිව්‍යුහගත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

    මේ වනවිට ශ්‍රී ලංකාව තුළ කලාප අධ්‍යාපන කාර්යයාල 98 ක් ක්‍රියාත්මක වන අතර ඇතැම් කලාප අධ්‍යාපන කාර්යයාල හරහා පාසල් විශාල සංඛ්‍යාවක් පාලනය කිරීමට සිදුවීමෙන් පරිපාලනය ගැටලු රැසක් මතුව ඇති  බව වාර්තා වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් කලාප අධ්‍යාපන කාර්යයාල සහ ඒවායේ කාර්ය භාරය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදුකොට පාසල් පරිපාලනය ප්‍රශස්ත සහ ක්‍රමවත් කිරීම සදහා යන්ත්‍රණයක් සැකසීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා දී තිබේ.

    ඒ අනුව කලාප අධ්‍යාපන කාර්යාල ප්‍රමාණය අවශ්‍යතව අනුව 98 සිට 150 – 200 ත් අත‍ර සංඛ්‍යාවක් දක්වා වැඩි කිරීමට මෙන්ම කොට්ඨාස කාර්යාල අවලංගු කිරීමට ද සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya