මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියළුම ඖෂධවල මිල වසර 2020 වනවිට අඩු කරනවා

    අප්‍රේල් 16, 2017

    සියළුම ඖෂධ වර්ගවල මිල 2020 වනවිට අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමයේ උතුරු පළාත් ශාඛාවෙි සැසිවාරය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. යාපනය ග්‍රීන් ග්ලාස් හෝටලයේ දී සැසිවාරය පසුගියදා පැවැත්විනි.

    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් පසු ඔසුසැල් හිමියන් මුහුණ දී ඇති ගැටළු අවම කිරිමට පියවර ගන්නා බවයි. ඔවුන්ගේ ලාභාංශ අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, ඊට පිළියමක් ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ අලෙවි කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

     

    එහිදී සියයට 18 ක වෙළෙද වාසියක් ලබාදීමට ඇති හැකියාව සොයා බලන ලෙස තමන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි සභාපතිවරයාට දැනුම් දුන් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය. තවද ඉදිරියේ දී හෘද සැත්කම් සදහා භාවිත කරන ස්ටෙන්ස් මිල අඩු කිරීමටත්, පෞද්ගලික රෝහල් නියාමනය කිරීමටත් තමන් පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.


    මෙහිදී අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් ජනතාවට සහන සැළසීම අගය කරමින් සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සම්මානයක් ද පිරිනමන ලදි.


    මෙම අවස්ථාවට උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (රසායානාගාර සේවා) හේමන්ත ඛෙනරගම මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරික්ෂක අමිත් පෙරේරා මහතා, සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya