අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීතොටමුල්ල සිද්ධියේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා

    අප්‍රේල් 15, 2017

    මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් අනතුරුව ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (14) රාත්‍රියේ සිටම නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සොයා බැලීමට එක් වූ අතර එහිදී ඉදිරියේදී ගතයතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කළේය.

    මීට අමතරව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ නිර්දේශ පරිදි සාගල රත්නායක අමාත්‍යවරයා අද (15) උදෑසන මීතොටමුල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වුණා. එහිදී පළමුවෙන්ම අමාත්‍යවරයා මීතොටමුල්ල දහම්පුර ශ්‍රී රාහුල විද්‍යාලයේ පිහිටා තිබෙන මෙහෙයුම් මැදිරිය වෙත ගොස් දැනට සිදුකෙරෙන මෙහෙයුම් කටයුතු පිළිබඳව සහ ඉදිරියේදී සිදුකිරීමට නියමිත මෙහෙයුම් කටයුතු පිළිබදවද සොයා බැලීමක නිරතවිය. එම සිදුවීමේ යථාතත්වය පිළිබඳ සාකච්ජාවකට අමාත්‍යවරයා එක්වූ අතර එම සාකච්ජාවට යුද හමුදාපති සහ පොලිස්පති ඇතුලු එම ආරක්ෂක අංශවල ජේෂ්ඨ නිලධාරින්ද එක්ව සිටියේය. එහිදී අමාත්‍යවරයා විසින් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන්ට පැහැදිලිකර සිටියේය.

    එසේම අවතැන්වූ ජනතාව හමුවී ඔවුන් සමඟද අදහස් හුවමාරු කරගැනීමක නිරත විය. පසුව අමාත්‍යවරයා පොලිස්පතිවරයා සහ යුද හමුදාපතිවරයා සමඟද උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ කෙටි සාකච්ජාවන්හි නිරතවූ අතර ඉන් අනතුරුව කුණු කන්ද නායගොස් ඇති ස්ථානයටම ගොස් නිරීක්ෂණය කිරීමට කටයුතු කළේය.

    එහිදී මෙම සිදුවීමෙන් විපතට පත්වූ කිහිපදෙනෙකු පැමිණ අමාත්‍යවරයා සමඟ සාකච්ජාවකද නිරත විය. එහිදී අමාත්‍යවරයා පොලිස්පතිවරයා සහ යුද හමුදාපතිවරයා ඇතුලු ජේෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබුවේ විපතට පත්වූ ජනතාවගේ නිවෙස්වල තිබෙන බඩු භාණ්ඩ ඉවත්කර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක්  සකස් කරන ලෙසත් ඒ සඳහා හමුදාවේ සහ පොලීසියේ දායකත්වය නිසි පරිදි ලබාදෙන ලෙසත්ය. එම අවස්ථාවේදී යුද හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි යුද හමුදා නිලධාරීන් එම කටයුතු ආරම්භ කරනු ලැබීය.

    එමෙන්ම කුණු කන්ද නායගොස් ඇති ස්ථානයේ ගොඩගැසී ඇති පස් සහ කුණු කසල එම ස්ථානයෙන් ක්‍රමවත්ව ඉවත්කිරීම සදහා අවශ්‍ය පියවර ඉක්මනින් ගැනීමටද සාගල රත්නායක අමාත්‍යවරයා එම නිලධාරීන් සඳහා උපදෙස් ලබාදුන්නේය.

    පසුව හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා සමඟ පැවති තවත් කෙටි සාකච්ජාවකින් පසු අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටත්ව ගියේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ඒ මොහොතේ පැවැත්වෙමින් තිබූ විශේෂ සාකච්ජාව සඳහා සහභාගිවීම සඳහාය.

    ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමට සහභාගීවෙමින් අමාත්‍යවරයා මීතොටමුල්ල කසල කන්ද නායගිය ස්ථානයේ තත්ත්වය සහ එය නිරීක්ෂණයේදී ගනු ලැබූ තීරණ එම සාකච්ජාවට දැනුම්දෙනු ලැබුවේය. එම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධවෙමින් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා දැනුවත් කරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya