මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවැරැදි තොරතුරු පමණක් වාර්තා කිරීමට පියවර ගන්න- ආපදා සහන ක්‍රියාවලියට මැදිහත්වන්න

    අප්‍රේල් 15, 2017

    මීතොට මුල්ල හදිසි ආපදා තත්ත්වයට ලක් වූවන්ට සහන සැලසීම සඳහා දැනටමත් ක්‍රියාත්මක සියලු මෙහෙයුම්වලට උපරිම සහාය ලබදෙමින් ඒ සමඟ අත්වැල් බැඳගන්නා ලෙසත් පිළිගත් මූලාශ්‍රවලින් උපුටා දක්වමින් ඒ පිළිබඳව නිවැරැදි තොරතුරු පමණක් වාර්තා කිරීමට පියවර ගන්නා ලෙසත් සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා පවසයි.

    නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

    රටපුරා අවුරුදු උත්සව පැවැත්වෙන අවස්ථාවක බොහෝ මාධ්‍ය ආයතන සිය අනුග්‍රහකයන් සමඟ එළඹෙන්නා වූ පූර්ව ගිවිසුම් හේතුවෙන් ඉන් බැහැර නොවී අඛණ්ඩව ඒවායේ නිරත වී සිටීමට  සිදු වුවද මෙම අනපේක්ෂිත ව්‍යවසනයේ කම්පනය හා සංවේදීතාවය ගැඹුරින් වටහාහෙන ඊට උපරිම දායකත්වය ලබාදෙමින් තම අනුග්‍රාහකයින් සමඟ එක්ව  මෙකී ආපදා සහන ක්‍රියාවලියට  මැදිහත්වන මෙන් ඔවුන් සියලු දෙනාගෙන් ද ඉතා ගෞරවයෙන් ඉල්ලමි.

    තවද එම ක්‍රියාන්විතය වාර්තා කිරීමේ දී දැනට එහි සක්‍රීය ලෙස මෙහෙයුම්වල නිරතව  සිටින  ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය ආයතනවල අදාළ පිළිගත්  මූලාශ්‍ර පමණක් හැකිතරම් උපුටා දක්වන ලෙසත් නිදහස්ව එම කාර්යන්වල නිරතවීමට ඔවුන්ට සහාය සැලසීම සඳහා අනවශ්‍ය පරිදි එය නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස ජනතාවට උපදෙස් දෙන ලෙසත් තවදුරටත් මෙයින් ඉල්ලා සිටිමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya