අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභා පනත සංශෝධනයට

    අප්‍රේල් 15, 2017

    පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව ස්ථාපිත කිරීමේ පනත සංශෝධනය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.


    ඒ සඳහා ත්‍රීපුද්ගල කමිටුවක් පත් කළ අතර, එම කමිටු වාර්තාව මසක් ඇතුලත සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබාදීමට නියමිතය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට පෞද්ගලික රෝහල් නියාමන අධ්‍යක්ෂිකාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති අධ්‍යක්ෂිකාව ඇතුලත් වෙයි. බ්‍රිතාන්‍ය රජය විසින් සකස් කර ඇති පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ වාර්තා සැළකිල්ලට ගනිමින් මෙම පනත සංශෝධනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි.
     
    රජයේ වෛද්‍ය රසායානාගාර කාර්මික විද්‍යාඥ නිලධාරීන්ගේ සංගමයේ සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙහිදී එම සංගමය මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර, ඔවුන්ට හිමි නිදර්ශක දීමනාව රුපියල් 50 දක්වා වැඩි කිරීමට අවධානය යොමු කළ අතර, ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට තීරණය කෙරුනි.

    රසායනාගාර කාර්මික විද්‍යාඥයින්ට කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පුහුණූ පාඨමාලා ඇති කිරීම පිළිබඳව ද සාකච්ඡා විය. ඒ සඳහා වාර්තාවක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාට උපදෙස් ලබාදෙන ලදි.

    මෙම සාකච්ඡාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත බෙනරගම මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී පී. රාජපක්ෂ, රජයේ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya