මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අම්පාර මහ රෝහලේ විවෘත කිරීම් අද සහ හෙට

    අප්‍රේල් 15, 2017

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත අම්පාර මහ රෝහලේ සිදුකරන ලද සංවර්ධන ව්‍යාපෘති රැසක් අද (15) සහ හෙට (16) යන දෙදින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට කටයුතු යොදා ඇත.


    එහිදී තෙමහල් හෙද නිල නේවාසිකාගාරය විවෘත කිරිම, හෘද රෝග ඒකකය විවෘත කිරීම, දන්ත ශල්‍ය ඒකකය විවෘත කිරිම, ගෙවන වාට්ටුව විවෘත කිරීම, සූතිකාගාරය හා ශල්‍යාගාරය විවෘත කිරීම, නව ජනනි දැඩිසත්කාර ඒකක විවෘත කිරීමට නියමිතය.

    අම්පාර මහ රෝහල ඊ-හෙල්ත් සේවාවට ඇතුලත් කිරීම ද මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදුවන අතර, අම්පාර දිස්ත්‍රික්කයේ සුව විශිෂ්ටයින්ට සම්මාන පිරිනැමීමේ උළෙලක් ද පැවැත්වේ.

    අම්පාර මහ රෝහලේ මෙම සංවර්ධන ව්‍යාපෘති  සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 500 ඉක්මවන බව එහි අධ්‍යක්ෂ ලංකා ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya