අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල නිල මෙහෙවර ජනපති සේවය ඇරඹේ

    අප්‍රේල් 13, 2017

    නිල මෙහෙවර ජනපති සේවය වැඩසටහන් යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල මෙහෙවර වැඩසටහන පසුගියදා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ගනේවත්ත, එස්.බී.හේරත් මධ්‍ය මහා විද්‍යාලයේදී ආරම්භ කෙරිණි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  නියමයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය එය සංවිධානය කරනු ලබයි.

    කුරුණෑගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 30ක් තිබෙන අතර ජනගහන ලක්ෂ 16ක් බවත්  දිසාපතිවරයාගේ වාර්තාවට අනුව හැඳුනුම්පත් 60,000 ක් පමණ මෙම දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දීමට සිදු වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    කිසිදු අය කිරීමකින් තොරව හැඳුනුම්පත් නොමිලේ ලබාදීම සිදු වන බවත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අමාත්‍යාංශ 53 එක තැනකට ගෙන මේ පහසුකම් ලබාදෙමින් ජනතා ප්‍ර‍ශ්නවලට එදින විසඳුම් ලබාදෙන වැඩපිළිවෙළක් මෙහිදී ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    උත්සව සභාවෙන් අනතුරුව ප්‍රතිලාභීන් සඳහා ඉඩම් හිමිකම් බලපත්‍ර, කිහිලිකරු, රෝද පුටු ප්‍රදානයන් අමාත්‍යවරයා සිදු කළ අතර එස්.බී.හේරත් මධ්‍ය මහා විද්‍යාලයේ සැරිසරමින් ජනතා සේවයට සහභාගි වී සිටි ජනතාවගේ ගැටලු විමසීමටද  අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කටයුතු කළේය.

    මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya