නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන්නියේ ආබාධිත වූවන් වෙනුවෙන් පුනරුත්ථාපන රෝහලක්

    අප්‍රේල් 14, 2017

    වවුනියාව මාමඩුව වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිනි.

    එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "වවුනියාව මාමඩුව ප්‍රදේශයේ ජනතාව පසුගිය රජයේ දේශපාලනඥයින්ගේ වුවමනාවන් මත පදිංචි කළා. ඔවුන්ට අවශ්‍ය පහසුකම්වත් නැහැ. උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා මට ප්‍රකාශ කළා මාමඩුව ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය පහසුකම් නැංවීමට පියවර ගන්න කියලා. ඒ ජාති, ආගම් භේදයෙන් තොරවයි. යුද්ධය තාවකාලික විසදුමක් පමණයි. යහපාලනයේ පළමු පාලනය සැමට සම අයිතිය ලබාදීමයි. ජාතික ප්‍රශ්නය නිසා ශ්‍රී ලංකාව විනාශ වුනා. යුද්ධය හේතුවෙන් වන්නිකරයේ ආබාධිත වූවන් 45,000 ක් ජීවත් වෙනවා. ඔවුන් වෙනුවෙන් මාන්කුලම් ප්‍රදේශයේ පුනරුත්ථාපන රෝහලක් ඉදිකිරිමට මම පියවර ගන්නවා. ඒ සදහා උතුරු පළාත් සභාවෙත් සහයෝගය ලබාදෙන බව පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා මට දැනුම් දුන්නා. ආබාධිතයින්ට සියළු පහසුකම් ලබාදීමට කටයුතු කළ යුතුයි.

     

    එවිට ඔවුන්ට යුද්ධයේ අමිහිරි බව තේරුම් ගන්න පුළුවන්. වවුනියාව ප්‍රදේශයේ වකුගඩු රෝගීන් 1800 ක් ජීවත් වෙනවා. ඔවුන්ගෙන් සියයට 60 ක් ජීවත් වන්නේ වවුනියාව දකුණ ප්‍රදේශයෙයි. වකුගඩු රෝගයට බලපා ඇති හේතු සොයාබැලීම සදහා පර්යේෂණාගාරයක් ඉදිකිරීමට පිියවර ගෙන තිඛෙනවා. ඒ සදහා යුරෝපා සංගමයේ සහයෝගය ලැඛෙනවා. වකුගඩු රෝගයට බලපා ඇති හේතුව අනාවරණය කර ගැනීමෙන් පසු අවශ්‍ය ප්‍රතිකාර කඩිනම් කළ හැකියි.”

     

    මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමෙි අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙඡිනොල්ඩි කුරේ, උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී. සත්‍යලිංගමි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්ථාන බාර වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුලු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya