අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ලංකා ධීවර සංස්ථාවෙන් නව මත්ස්‍ය අලෙවි සැල් 20ක්

    අප්‍රේල් 12, 2017

    සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් මහජනතාවට අලුත් මාළු මිල දී ගැනීම සදහා ධීවර සංස්ථාවට අයත් අලෙවි සැල් ජාලය පුළුල් කිරීමට පියවර ගන්නා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ලංකා ධීවර සංස්ථාවේ සභාපති ජගත් පෙරේරා මහතාට උපදෙස් දෙනු ලැබීය.

    ඒ අනුව ලංකා ධීවර සංස්ථාව විසින් නව අලෙවි සැල් 20ක් අලුතෙන් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. ඒ යටතේ මත්ස්‍ය අලෙවිසැල් 10ක් පසුගිය මාසයේ විවෘත කරන ලද අතර, තවත් 10ක් අප්‍රේල් මස සිංහල අලුත් අවුරුදු දිනය වන විට විවෘත කිරිමට කටයුතු යොදා ඇත.

     

    පසුගිය කාලයේ පාඩු ලබමින් වසා දැමීමේ තත්ත්වයට පත් ව තිබු ලංකා ධීවර සංස්ථාව රාජ්‍ය ආයතනයක් වශයෙන් මේ වනවිට යළිත් ස්ථාවර වෙමින් තිබේ. එයට ප්‍රධාන හේතුව මෙම සංස්ථාවේ නව කළමණාකරණය විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩ පිළිවෙලයි.

     

    ඒ යටතේ මෙතෙක් අතරමැදියන්ගෙන් මාළු මිල දී ගැනීම වෙනුවට ලංකා ධීවර සංස්ථාවේ ලොරි රථ මුහුදු වෙරළටම ගොස් ධීවරයින්ගෙන් මාළු මිල දී ගැනීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇත. ඒ අනුව ධීවර සංස්ථා අලෙවි සැල්වලට අලුත්ම මාළු සැපයීමට ඔවුන්ට හැකි වී තිබේ.

     

    ලංකා ධීවර සංස්ථාව නව වැඩ පිළිවෙල යටතේ මෙම වසර තුළ රුපියල් මිලියන 70ක ලාභයක් ඉපයීමට අපේක්ෂිතය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya