අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන 900 ක් ඉදිකිරිමට ඉන්දීය ආයෝජනයක්

    අප්‍රේල් 12, 2017

    වකුගඩු රෝගය බහුල වශයෙන් පැතිරෙන උතුරු මැද පළාතේ කැබැතිගොල්ලෑව සහ පදවිය මූලික රෝහල් ආශ්‍රීතව ඉදිකළ වකුගඩු රුධිර කාන්දුකරණ ඒකක සහ ප්‍රතිකාර ඒකක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් පසුගියදා ජනතා අයිතියට පත් කරන ලදි.

    මැදවචිචිය රෝහල ආශ්‍රීතව ඉදිකළ වකුගඩු ප්‍රතිකාර ඒකකය නිරික්ෂණය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා එහි පවතින අඩුපාඩු සකස් කරන ලෙසත්, අවශ්‍ය කාර්ය මණ්ඩලය ලබාදෙන ලෙසත් අදාල නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි. මෙම ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 45 ක් වැය කර ඇති අතර, උපකරණ සදහා රුපියල් මිලියන 50 ක මුදලක් වැය කර ඇත. මෙම ප්‍රතිකාර ඒකකය සදහා වෛද්‍යවරු 06 ක් සහ හෙද හෙදියන් ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පොරොන්දු විය.

     

    කැබැතිගොල්ලෑව මුලික රෝහල ආශ්‍රිතව ඉදිකළ වකුගඩු රුධිර කාන්දුකරණ ඒකකය ජනතා අයිතියට පත් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා එම ඒකකයට වෛද්‍යවරු තිදෙනෙකු සහ හෙද හෙදියන් 06 ක් ලබාදීමට පොරොන්දු විය. 

     

    පදවිය මූලික රෝහල ආශ්‍රිතව ඉදිකරන ලද වකුගඩු ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පත් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා එම ඒකකය සදහා වෛද්‍යවරුන් 07 ක් සහ හෙද හෙදියන් 15 ක් ලබාදෙන ලෙස නිලධාරීන්ට දැනුම් දෙන ලදි. මෙම රෝහලේ ශල්‍යාගාරය යළි විවෘත කිරිමට ද මෙහිදී තීරණය කෙරුනි.

     

    මෙම විවෘත කිරීම් වලින් පසු මාධ්‍යයට අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "උතුරු මැද පළාත පමණක් නොව දිවයින පුරාම වකුගඩු රෝගය පැතිර ගොස් තිඛෙනවා. ඉන්දිය රජයේ ආයෝජනයක් මත වකුගඩු රුධිරකාන්දුපෙරණ මධ්‍යස්ථාන 900 ක් ඉදිරියේ දී ස්ථාපිත කරනවා. වකුගඩු රෝගය නිවාරණය කිරීම එහි අරමුණයි. මෙම රෝගය පැතිරිමට බලපෑ හේතු පිළිබද සොයාබැලීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය කාලයේ ආරම්භ කළ පර්යේෂණය බලපෑම් මත නතර කෙරුනා.

     

    විවිධ මත තිඛෙනවා. නමුත් නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීමට පර්යේෂණ පවත්වනවා. ජංගම රුධිරකාන්දුකරණ සේවය ද ඉදිරියේ දී ආරම්භ කරනවා. පොළොන්නරුවෙි ඇදන් 250 ක වකුගඩු රෝග ප්‍රතිකාර රෝහලක් ඉදිකරනවා. වකුගඩු රෝගය පැතිරීම වළක්වා ගත යුතු වනවා.”

     

    මෙම නිරික්ෂණ චාරිකාවේ දී මැදවචිචිය, කැබැතිගොල්ලෑව සහ පදවිය වකුගඩු ප්‍රතිකාර ඒකකවල ගැටළු හදුනාගත් අතර, එම ගැටළු විසදීම සදහා වාර්තාවක් සකස් කරන ලෙස නිලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya