මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මනුස්සකම දුර්වලකමක් ලෙස සිතන්න එපා- රජය ජනතාව වෙනුවෙන් කැප වෙනවා

    අප්‍රේල් 11, 2017

    මනුස්සකම දුර්වලකමක් ලෙස සිතන්න එපා. රජය ජනතාව වෙනුවෙන් කැප වෙනවා. මෙම රජය සෙළවීමට කාටවත් ඉඩ ලබාදෙන්නෙත් නැහැ යැයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

    අරලියගහ මන්දිරයේ දී ඊයෙ(10)පැවැති 2012 "ඒ” කණ්ඩායම හෙද ඩිප්ලෝමා ප්‍රධානොත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය.

     

    තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා,


    "සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සමිති වැඩවර්ජනවලට කැමැතියි. වැඩවර්ජන පවත්වලා සාර්ථකයි කියනවා. මිනිස් ජීවිත සමගයි ඔවුන් සෙල්ලං කරන්නේ. එය තමයි සාර්ථකත්වය. වැඩවර්ජන දියත් කළ යුත්තේ සාකච්ඡා බිදවැටීමෙන්  පසුවයි. හැබැයි සෞඛ්‍ය වෘත්තීය සමිති මුලින්ම ප්‍රකාශ කරන්නේ   බහිනවා” කියලා. එය වෘත්තීය සමිතිවල ශක්තිය නොවෙයි. රජය මානව දයාවෙන් ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට උත්සාහ කරනවා. නමුත් වෘත්තීය සමිති එසේ කරන්නේ නැහැ. ප්‍රශ්න ඇති වුනත් මේ රජය කාටවත් හොලවන්නත් බැහැ. වෘත්තීය සමිතිවලට රෝගීන් ගැන අයිතියක් නැද්ද කියලා මම අහන්න කැමැතියි.

     

    මිනිස් ජීවිතවල වටිනාකම බිල්ලට දෙන්න එපා.   මම නම් එම තීන්දුවේ තමයි සිටින්නේ. නිදහස් අධ්‍යාපනය ලබමින් වෛද්‍ය වෘත්තීයට ගොස් සිදු කරන ඇතැම් ක්‍රියා උචිත නැහැ. මේ ගැන ජනතාව දැනුවත් කළ යුතුයි. ඇතැම් සෞඛ්‍ය සේවකයෙක් විනය වීරෝධී වැඩක් සිදු කළහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යාංශය ලිපියක් යොමු කිරීමෙන් පසු වෘත්තීය සමිති ප්‍රකාශ කරනවා වර්ජන දියත් කරන බව. වෛද්‍යවරු හැදෙන්නේ නැතිව අනික් සෞඛ්‍ය සේවකයින් හදන්න බැහැ. වෛද්‍යවරු ඉන්නේ 19 වන ශතවර්ෂයේ. වෛද්‍ය හොරු සාකච්ඡාවට කැමැති නැහැ. හෙද ගැටළු පිළිබදව අපි රාත්‍රී කාලයෙත් සාකචිඡා පැවැත්වූවා. මම ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ මොන වෘත්තීය සමිති නායකයා කිවුවත් සාධාරණ හා අසාධාරණ බව සළකා බලා වර්ජන වලට එක්වන ලෙසයි. රෝගීන් දෙස බලන්න.”

     

    "එදා වර්ජන දියත් කළේ නිදහස් සෞඛ්‍ය සේවාව බේරා ගැනීමටයි. නමුත් අද වැඩවර්ජන අවම වී තිබෙනවා. වෘත්තීය සමිති රැසක් සංයමයෙන් කටයුතු කරනවා.   එහි නායකයින් කිහිපදෙනෙකු තමයි එහෙම කරන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබෙනවා රජයේ රෙගුලාසි අනුව තමයි මම වැඩකරන්නේ කියලා. එවිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකයින් ප්‍රකාශ කර තිඛෙනවා වසර 03 කින් ආණ්ඩුව පෙරළනවා. එවිට ඔබ ගැන බලාගන්නම් කියලා. රජය පෙරළන්න තමයි ඔවුන් වැඩවර්ජන දියත් කරන්නේ. එම මානසිකත්වය තුරන් කිරිමට පියවර ගත යුතුයි. යහපාලන රජය බණ්ඩාරනායක රජය වගේ ගුටිකෑමට සුදානම් නැහැ යැයි ද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya