අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙද හෙදියන් 1290 කට ඩිප්ලෝමා

    අප්‍රේල් 11, 2017

    2012 "ඒ” කණ්ඩායම හෙද ඩිප්ලෝමා ප්‍රධානොත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයෙ(10)  පැවැත්විනි.

    මෙහිදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙද හෙදියන් 1290 කට ඩිප්ලෝමා ප්‍රදානය කෙරුනි.

    මෙම හෙද ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයේ දී හෙද විද්‍යාල 15 ක විශේෂ කුසලතා දැක් වූ හෙද නිලධාරින්ට සම්මාන පිරිනැමු අතර, ඔවුන්ගෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ කුරුණෑගල හෙද විද්‍යාලයේ එම්.ආර්.එස් මධූෂා හෙද නිලධාරිනියයි. ඇය සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් පදක්කම ලබාගත්තේ ය.

     

    මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පුහුණු හා පර්යේෂණ) සුනිල් ද අල්විස් මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ හෙද පීඨයේ පීඨාධිපති මහාචාර්ය දේවක වීරකොන් මහතා, හෙද අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඩබි.එම් ආරියසීලි මහත්මිය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා, හෙද විද්‍යාලවල විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහ හෙද හෙදියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya