අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිසාපති සමුළුවේ තීරණ පිළිබඳව විවෘතව විමසා බැලිය යුතුයි- ස්වදේශ කටයුතු ඇමැති

    ජූලි 15, 2016

    දිසාපති සමුළුවේදී ගනු ලබන තීන්දු, තීරණ ක්‍රියාත්මක වීම සහ නොවීම පිළිබඳව විවෘතව සංවාද කර විමසා බැලිය යුතු බවත් එවැන්නක් සිදු නොවුන හොත් ආණ්ඩුව අප්‍රසාදයට පත්වන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.

    අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී ඊයේ (14) දින ආරම්භ වූ දිසාපති සමුළුවේ ආරම්භක සැසිය අමතමිනි.

     

    අමාත්‍යාංශ 53 ක කටයුතු ග්‍රාමීය ජනතාවට ගෙන යන්නේ දිසාපතිවරුන්  සහ ප්‍රාදේශිය ලේකම්වරුන් බව පෙන්වා දුන් ඇමැතිවරයා  රජයේ සේවකයින් ලෙස ආකාර දෙකකට  මෙම නිලධාරීන්ට සලකන බව ද සඳහන් කළේය.

     

    විශේෂයෙන්ම දීමනා සම්බන්ධයෙන් පළාත් සභා නිලධාරීන්ට හා මධ්‍යම රජයේ නිලධාරින්ට මුදල් රෙගුලාසි බලපාන්නේ දෙයාකාරයකට බවත් මෙවැනි අවස්ථා බොහෝ පවතින අතර එය නිවැරදි කළහොත් මෙම නිලධාරින් තෘප්තිමත් කරමින් සාර්ථක කටයුත්තක් ආරම්භ කළ හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya