අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බහළුගත නැව් භාණ්ඩ ධාරිතාව නිශ්චය කිරීම බහළු පර්යන්තයන්හීදී

    ජූලි 13, 2016
    අන්තර් ජාතික සෝලාස් සම්මුතිය හෙවත් සමුද්‍රයේ ජීවිතාරක්ෂාව පිළිබඳ සම්මුතිය (SOLAS-Safety of Life at Sea) පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද බහළුගත නැව්භාණ්ඩ ධාරිතාව නිශ්චය කිරීම සිය බහළු පර්යන්තයන්හීදී (container terminals) ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇත.
    ඒ අනුව,ජය බහළු පර්යන්තය හා සමඟි බහළු පර්යන්තයන්හීදී නැව් ගත කරන සියළු බහළුවල  අඩංගු නැව් භාණ්ඩ වල ධාරිතාව (Container gross mass) සඳහන් කිරීම හා ගණනය කිරීම සිදුවේ.
     
    2014 නොවැම්බර් මාසයේ දී ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයඅනුබද්ධ සමුද්‍රීය ආරක්ෂණ කමිටු සැසියේදී ඉහත සොලාස් සම්මුතියේ පෙර නියාමනය සංශෝධනය  කරමින් බහළුගත නැව් භාණ්ඩ තොරතුරු සඳහා නැව් භාණ්ඩයන්හී ධාරිතාව(බර) දැක්වීමට අදාල නව නියාමනයන් චක්‍රලේක ගත කරන ලදී.
     
    මේ සඳහා මූලිකවම බලපා ඇත්තේ  භාණ්ඩ ප්‍රවාහන සේවා සැපයුම් (Supply chain) කරුවන් හා අන්තර් ජාතින සමුද්‍රීය සංවිධානය (IMO) විසින් හදුනාගනු ලැබු භාණ්ඩ වල දළ බර (gross mass) (ධාරිතාව) සටහන් කිරීමේ ඇති වැදගත් කමයි.
     
    මේ පිළිබදව ශ්‍රී ලංකාවේ වගකියනු ලබන හා අදාල නියාමනයන් සපයන ආයතනය වන්නේ වරාය හා නාවික අමාත්‍යංශය යටතේ ඇති වෙළඳ නැව් ලේකම් කාර්යාලයයි. ඒ අනුව 2016.07.01 වන දින සිට merchant shipping notice MSN 21/2016 යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද ඉහත සම්මුතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව 2016.07.01 වන දින සිට නැව්ගත කෙරෙන සෑම බහළුවකම නැව් භාණ්ඩවල දළ බර විනිශ්චය කෙරේ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya