අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය සෑම රටක් සමඟම මිත්‍රශීලීව කටයුතු කරනවා- අමාත්‍ය මහින්ද සමරසිංහ

    ජූලි 13, 2016
    රජය විදේශ ප්‍රතිපත්තියේදී  රටවල් තෝරා බේරා වෙන්කොට නොගෙන සෑම රටක් සමඟම මිත්‍රශීලීව කටයුතු කර ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන බවද නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය දිනවල ජනපතිතුමන් විසින් කරන ලද ප්‍රකාශයන් පිළිබදව විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණු කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කරමින්ය.  
     
    මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා සමස්ථයක් ලෙස බටහිර රටවලට පහර ගැසීමට ජනාධිපතිතුමාට අවශ්‍ය  නොවුන බවත්  ජාත්‍යන්තරය සමඟ ඇති සුහදතාවය බිද දමන්නට මේ රජයට කිසිම අවශ්‍යතාවයක් නොමැති බවද පැවසීය.
     
    එමෙන්ම විදේශ විනිසුරුවන් මෙරටට ගෙන ඒමට අවශ්‍යතාවයක් නැතැයි  යන අදහසෙහි ජනාධිපතිවරයා හා  අගමැතිවරයා  සිටින බවත් අමාත්‍යවරයා පැවසීය. 
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya