මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 60 ක තෙදින ඩෙංගු මර්දන වැඩසටහන හෙට සිට

    ජූලි 12, 2016

    සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 60 ක් ආවරණය වන පරිදි තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට (13) සිට  ක‍්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද (12)සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

     

    එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙලෙස අඳහස් දැක්වීය.

     

    දේශගුණික විපර්යාස සහ ගංවතුර හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය වැඩි වී තිබෙනවා. දැනට වාර්තා වන රෝගීන්ගෙන් සියයට 50% ක් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවීම ද විශේෂත්වයක්. කඩුවෙල, කොළොන්නාව, දෙහිවල ගල්කිස්ස මහනගර සභා සීමාව තුළ වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබෙනවා.

     

    2009 වසරේ දී ඩෙංගු රෝගීන් 35,000 ක් වාර්තා වූ අතර සිදු වූ මරණ සංඛ්‍යාව 346 කි. 2012 වසරේ දී ඩෙංගු රෝගීන් 44,460 ක් වාර්තා වූ අතර මරණ 186 ක් සිදුව තිබෙනවා.2015 වසරේ දී මරණ 56 ක් සිදු වූ අතර රෝගීන් සංඛ්‍යාව 29,999 කි. 2016 වසරේ මේ වනවිට ඩෙංගු රෝගීන් 22,799 ක් වාර්තා වී තිබේ.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත රෝගය පාලනය කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ධූමායන කටයුතු සිදු කිරීම, රෝගීන්ගේ සත්කාරක සේවා වැඩි කිරීම, රසායනාගාර සේවා වැඩිදියුණු කිරීම, දැඩිසත්කාර හා අධිසත්කාර ඒකක පිහිටුවීම ඉන් ප‍්‍රධාන වෙනවා.

    2016 වසරේ දී පරිශ‍්‍ර මිලියනයක් පරික්ෂාවට ලක් කර ඇති අතර මදුරුවන් බෝවන ස්ථාන ලක්ෂ 02 ක් සොයාගෙන තිබෙනවා. ත‍්‍රීවිධ හමුදාව, පොලීසිය, සෞඛ්‍ය අංශ ඒකාබද්ධව ජනතාව දැනුවත් කරමින් වැඩසටහන් රැසක් තවදුරටත් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

    ඒ අනුව හෙට (13) සිට තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 60 ක් ආවරණය වන පරිදි කණ්ඩායම් 750 ක් මේ  සදහා සහභාගි වනවා.

    මෙහි සමාරම්භය සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් මරදාන දුම්රිය පරිශ‍්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. මේ යටතේ පාසල් පවිත‍්‍ර කිරීමට ද නියමිත අතර  ඉදිකිරීම් ද පරික්ෂා කිරීමට කටයුතු යොදා තිබෙනවා.

    අයි.ඩි.එචි උණ රෝහල,රිජ්වේ ආර්යා ළමා රෝහල, දකුණූ කොළඹ ශික්ෂණ රෝහල ඇතුළු ඩෙංගු රෝගීන් නේවාසිකව ප‍්‍රතිකාර ලබන සියලුම රෝහල් සදහා අතිරේක වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ ඖෂධ වර්ග ද ලබා දී තිබෙනවා. මදුරු මර්දනය සඳහා ජනතාවගේ සහයෝගය ද අත්‍යාවශ්‍යයයි. කසල බැහැර කරමින් තම නිවෙස් පිරිසිදුව තබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් මෙහිදී ඉල්ලා සිටිනවා.

    ඩෙංගු මරණ විශ්ලේෂණය කිරීෙමි දී රෝහලට පැමිණීෙමි ප‍්‍රමාදයක් දක්නට ලැබෙන අතර  අත්බෙහෙත් භාවිතා කිරීමෙන් මරණ රැසක් සිදුව තිබෙනවා. දින දෙකකට වඩා උණ පවතී නම් වෛද්‍ය උපදෙස් මත ප‍්‍රතිකාර ලබා ගත යුතුයි. එහිදී පැරසිටමෝල් පමණක් භාවිත කිරීම ද ඉතා වැදගත් වෙනවා. මදුරු මර්දන වැඩසටහන් සදහා පළාත් පාලන අමාත්‍යාංශයේ ද සහයෝගය ලැබී තිබෙනවා.

    කොළඹ ඇතුලු ඩෙංගු මදුරුවන් බහුලව වාර්තා වන දිස්ත‍්‍රීක්කවල ධූමායන කටයුතු සිදු කිරීම සදහා ධුමායන යන්ත‍්‍ර 150 ක් යොදවා ඇති අතර ධූමායන කටයුතු සිදු කරන්නේ විද්වත් උපදෙස් මතවෙයි.

    වසංගත රෝග තත්ත්වයේ දී මදුරු ඝනත්වය අවම කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද නිර්දේශ කර තිබෙනවා. මේ වනවිට ලෝකයේ රටවල් 128 ක ඩෙංගු මදුරුවන් වාර්තා වෙනවා. එය ගෝලීය ප‍්‍රශ්නයකි. වාර්ෂිකව ලෝකය පුරා ඩෙංගු රෝගීන් මිලියන 360 ක් වාර්තා වෙනවා. කොළඹ දිස්ත්‍රික්කය සහ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක්ෂණික විහිදුම් බලකා 10 ක් ස්ථාපිත කර ඇති අතර රෝගීන් වාර්තා වූ පසු ධූමායන කටයුතු සිදු කිරීම එම බලකායේ වගකීම වෙනවා යැයි ද වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya