අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙර පාසල් ළමුන් සඳහා සෞන්දර්යාත්මක වැඩසටහනක්

    ජූලි 12, 2016

    පෙර පාසල් ළමුන් සඳහා වන සෞන්දර්යාත්මක වැඩසටහනක් ජුලි මස 15 පෙ.ව  9.30ට ගාල්ල, ධර්මපාල උද්‍යානයේ දී පැවැත්වේ.

    කාන්තා හා ළමා කටයුතු  අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ''දරු කැල මුල් ළමා වියේ - හෙට දින ජීවයයි දැයේ  '' යන තේමාව යටතේ වැඩසටහන පැවැත්වෙයි.

     

    මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය වෙනුවෙන් රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පෞද්ගලික අංශයේ ආයතන රාශියක් විවිධ වූ කාර්යයන් සඳහා දායකත්වය ලබාදීමට ඉදිරිපත්ව ඇත.  එහෙත් මුල් ළමාවිය වැදගත්කම පිළිබඳ තවමත් ප්‍රජාව තුළ පුළුල්  අවබෝධයක් නොමැතිව බව පෙනී ගොස් තිබේ.

     

    එම නිසා මුල් ළමාවිය සංවර්ධන සතියක් ප්‍රකාශයට පත් කිරීමෙන් මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනයේ ඇති වැදගත්කම සහ එය අනාගත ආයෝජනයක් බවට පුළුල් ප්‍රචාරයක් ලබා දීම මගින් මුල් ළමාවිය පිළිබඳ අවබෝධ කිරීමට සැළැස්වීම මෙහි අරමුණ වේ.

     

    ඒ යටතේ දැනට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් ස්ථාපිත කර ඇති ජාතික, පාළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ග්‍රාමීය මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන පිළිබඳ සම්බන්ධීකරණ කමිටු සහ මුල් ළමා විය සංවර්ධන ජාලයේ සාමාජිකයින් සියලු දෙනා එක්ව වැඩසටහන් මාලාව දියත් කෙරේ.

     

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ළමා ලේකම් කාර්යාලය, දකුණු පළාත් සභාව සමඟ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව පෙර පාසල් ළමුන් සඳහා වන සෞන්දර්යාත්මක  වැඩසටහන සංවිධානය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya